පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
588/2024
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මේ වනවිට එම ආයතනවල සේවය කරනු ලබන මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද ;
(iii) එම සේවකයන් නඩත්තු කිරීම සඳහා රජය විසින් වාර්ෂිකව වැය කරනු ලබන මුළු මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ඉහත සඳහන් සියලුම පළාත් පාලන ආයතනවල පවතින නගරාධිපති, සභාපති හා මන්ත්‍රී තනතුරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ගෙවනු ලබන මුළු මාසික දීමනාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) පළාත්පාලන ආයතනවල සියලු මන්ත්‍රීවරුන් සඳහා රජය විසින් දරනු ලබන මුළු වියදම මාසිකව හා වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට තමා සේවය කරනු ලබන කොට්ඨාසය නියෝජනය කරමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අහිමි කරමින් සිදු කරන ලද සංශෝධනය ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-20
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) මහ නගර සභා සංඛ්‍යාව - 24
නගර සභා සංඛ්‍යාව - 41
ප්‍රාදේශීය සභා සංඛ්‍යාව - 276
(ii) මුළු සේවකයන් සංඛ්‍යාව - 56,568
(iii) වාර්ෂිකව වැය කරනු ලබන මුළු මුදල (2023 වර්ෂයට අදාළව) - රුපියල් මිලියන 31,700.22
(ආ) (i) පහත වගුවෙහි දැක්වේ.
පළාත් පාලන ආයතනවල පවතින නගරාධිපති, සභාපති හා මන්ත්‍රී තනතුරු සංඛ්‍යාව 2022.12.31 දිනට
|
අනු අංකය |
පළාත |
නියෝජිත සංඛ්‍යාව |
||
|
|
|
නගරාධිපති |
සභාපති |
මන්ත්‍රී |
|
1 |
මධ්‍යම |
4 |
43 |
1,186 |
|
2 |
නැගෙනහිර |
3 |
42 |
834 |
|
3 |
උතුරු මැද |
2 |
25 |
547 |
|
4 |
වයඹ |
1 |
32 |
938 |
|
5 |
උතුර |
1 |
33 |
727 |
|
6 |
සබරගමුව |
1 |
28 |
762 |
|
7 |
දකුණ |
3 |
46 |
1,089 |
|
8 |
ඌව |
2 |
26 |
579 |
|
9 |
බස්නාහිර |
7 |
42 |
1,713 |
|
|
එකතුව |
24 |
317 |
8,375 |
|
|
මුළු එකතුව |
|
|
8,716 |
(ii)
|
පළාත් පාලන ආයතනය |
තනතුර |
මාසික සභික දීමනාව |
|
මහා නගර සභාව |
නගරාධිපති |
රු. 30,000.00 |
|
|
උප නගරාධිපති |
රු. 25,000.00 |
|
|
සභික |
රු. 20,000.00 |
|
|
|
|
|
නගර සභාව |
සභාපති |
රු. 25,000.00 |
|
|
උප සභාපති |
රු. 20,000.00 |
|
|
සභික |
රු. 15,000.00 |
|
|
|
|
|
ප්‍රාදේශීය සභාව |
සභාපති |
රු. 25,000.00 |
|
|
උප සභාපති |
රු. 20,000.00 |
|
|
සභික |
රු. 15,000.00 |
(iii) සියලු මන්ත්‍රීවරුන් සඳහා රජය විසින් මාසිකව දරනු ලබන මුළු වියදම - රුපියල් මිලියන 132.425
සියලු මන්ත්‍රීවරුන් සඳහා රජය විසින් දරනු ලබන වාර්ෂික මුළු වියදම - රුපියල් මිලියන 1,583.937
ඊට අදාළ විස්තර පහත දැක්වේ.
|
අනු අංකය |
පළාත |
සියලු නියෝජිතයින් සඳහා දැනට මාසිකව දැරීමට සිදු වන මුදල (රුපියල් මිලියන) |
2022.01.01-2022.12.31 දක්වා සභික දීමනාව ලෙස වාර්ෂිකව දරන ලද මුදල (රුපියල් මිලියන) |
|
01 |
මධ්‍යම |
4.31 |
51.76 |
|
02 |
නැගෙනහිර |
14.355 |
172.26 |
|
03 |
උතුරු මැද |
9.215 |
110.58 |
|
04 |
වයඹ |
15.465 |
185.58 |
|
05 |
උතුර |
12.150 |
145.800 |
|
06 |
සබරගමුව |
17.526 |
210.312 |
|
07 |
දකුණ |
20.789 |
244.165 |
|
08 |
ඌව |
9.765 |
117.180 |
|
09 |
බස්නාහිර |
28.85 |
346.300 |
|
|
එකතුව |
132.425 |
1,583.937 |
(iv) මීට අදාළව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කර එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නීතිපතිගේ සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලදී.
(ඇ) එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන ව්‍යවස්ථාව, 3 වන හා 4 වන ව්‍යවස්ථා සමඟ ගැටෙන බව සහ එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කර ගන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව (පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය සහ ජනමත විචාරණයකින්) සම්මත කරගත යුතු බවට නීතිපති උපදෙස් ලැබී ඇත.
පිළිතුරු දුන් දිනය
2024-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks