පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
562/2024
ගරු සංජීව එදිරිමාන්න මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති පාරම්පරික කලා ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයතන වර්ගීකරණයකට ලක් කර තිබේද;
(iii) එසේ නම්, එම වර්ගීකරණය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් පාරම්පරික කලා ආයතන සඳහා මාසික දීමනාවක් ගෙවන්නේද;
(ii) එසේ නම්, එම දීමනාව කොපමණද;
(iii) මේ වනවිට එම දීමනාව ලබන පාරම්පරික කලා ආයතන සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-06
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) පාරම්පරික කලායතන ලෙස වර්ගීකරණය කර නැත.
(ii) අදාළ නොවේ.
(iii) පාරම්පරික කලායතන ලෙස වර්ගීකරණය කර නැතත් පෞද්ගලික කලායතන ලියාපදිංචි කිරීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන අතර මේ වන විට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි එවන් කලායතන සංඛ්‍යාව 2,375කි.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂගේ අංක DCA/06/03/03/01 - පොදු හා 2017.01.25 දිනැති පෞද්ගලික කලායතන ලියාපදිංචි කිරීමේ ව්‍යවස්ථා මාලාව අනුව කලායතන වර්ගීකරණය පහත පරිදි වේ.
i. උඩරට කලායතන
ii. පහතරට කලායතන
iii. සබරගමු කලායතන
iv. සංගීත කලායතන
v. මුද්‍රා නාට්‍ය හා නිර්මාණ නැටුම් කලායතන
vi. කෝලම් නාට්‍ය කලායතන
vii. නාඩගම් කලායතන
viii. රූකඩ නැටුම් කලායතන
ix. ගැටබෙර වාදන කලායතන
x. රුහුණු බෙර වාදන කලායතන
xi. හේවිසි වාදන කලායතන (දවුල්/තම්මැට්ටම්)
xii. උඩැක්කි වාදන හා පන්තේරු වාදන කලායතන
xiii. ඉන්දීය නැටුම් කලායතන
xiv. රබන් වාදන කලායතන
xv. දේශීය චිත්‍ර මූර්ති කලායතන
xvi. ශාන්තිකර්ම කලායතන
xvii. අංගම්පොර කලායතන
xviii. මුද්‍රා නාට්‍ය/ළමා නාට්‍ය/නිර්මාණ නාට්‍ය/ රංග කලා කලායතන
xix. බයිලා කලායතන
xx. ආගන්තුක ගෝත්‍රික ජන සමාජ සංස්කෘතිකාංග කලායතන
xxi. වෙනත් (ඉහත වර්ගීකරණයට අයත් නොවන)
(ආ) (i) නැත.
සමීක්ෂණයක් මඟින් තෝරාගත් කලායතන සඳහා පමණක් වාර්ෂික දීමනාවක් ගෙවනු ලැබේ.
(ii) • අධි ශ්‍රේණිය - රුපියල් 10,000.00
• විශිෂ්ට ශ්‍රේණිය - රුපියල් 6,000.00
• සාමාන්‍ය ශ්‍රේණිය - රුපියල් 4,500.00 ලෙස වාර්ෂිකව ආධාර මුදලක් ලබා දේ.
(iii) වර්ෂ තුනකට වරක් කලායතන සමීක්ෂණ සිදු කර ඒ අනුව කලායතන ආධාර ගෙවීම් සිදු කරනු ලැබේ. 2019 වර්ෂයේ සිදු කළ සමීක්ෂණයට අනුව ගෙවීම් සිදු කිරීම 2020, 2021 හා 2022 යන වර්ෂයන්හිදී සිදු කරන ලදී. ඒ අනුව, 2022 වර්ෂයේදී ගෙවීම් පහත පරිදි වේ.
|
ශ්‍රේණිය |
ආධාර මුදල |
කලායතන |
ප්‍රතිපාදන ප්‍රමාණය |
|
අධි ශ්‍රේණිය |
රු.10,000.00 |
96 |
960,000.00 |
|
විශිෂ්ට ශ්‍රේණිය |
රු. 6,000.00 |
373 |
2,238,000.00 |
|
සාමාන්‍ය ශ්‍රේණිය |
රු. 4,500.00 |
819 |
3,685,500.00 |
|
එකතුව |
|
1288 |
6,883,500.00 |
නැවත 2022 වර්ෂයේ කලායතන සමීක්ෂණයක් සිදු කළ අතර එහිදී කලායතන 1,258ක් කලායතන ආධාර ලැබීම සඳහා සුදුසුකම් ලද අතර, එම කලායතන සඳහා කලායතන ආධාර ගෙවීම 2023 වර්ෂයේදී ආරම්භ කරන ලදී. ඒ අනුව 2023 වර්ෂයේ දී කලායතන 316කට පහත පරිදි ගෙවීම් සිදු කර ඇත.
|
ශ්‍රේණිය |
ආධාර මුදල |
කලායතන |
ප්‍රතිපාදන ප්‍රමාණය |
|
අධි ශ්‍රේණිය |
රු.10,000.00 |
59 |
590,000.00 |
|
විශිෂ්ට ශ්‍රේණිය |
රු. 6,000.00 |
65 |
390,000.00 |
|
සාමාන්‍ය ශ්‍රේණිය |
රු. 4,500.00 |
192 |
864,000.00 |
|
එකතුව |
|
316 |
1,844,000.00 |
ඒ අනුව ඉතිරි කලායතන 942 සඳහා 2024 වර්ෂයේ වෙන් වී ඇති ප්‍රතිපාදන මඟින් ගෙවීම් සිදු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks