01

E   |     |  

 දිනය: 2024-03-20   පිළිතුර ලබා දී ඇත 

0540/2024: 2019 සිට මේ දක්වා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රදර්ශනය කර ඇති චිත්‍රපට සහ සිනමා ශාලා: විස්තර

540/2024

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති සිනමා ශාලා සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒ අතරින් මේ වනවිට චිත්‍රපටි ප්‍රදර්ශනය කරනු ලබන සිනමා ශාලා‍ සංඛ්‍යාව කොපමණද;

            (iii)       වර්ෂ 2019 සිට මේ දක්වා ජාතික චිත්‍රපටි සංස්ථාව විසින් ප්‍රදර්ශනය කර ඇති චිත්‍රපටි සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) වර්ෂ 2019 සිට මේ දක්වා චිත්‍රපටි නිෂ්පාදනය කිරීම සඳහා ලබා දී ඇති ණය ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)            (i)      ශ්‍රී ලංකාවේ ඇති සිනමාශාලා සංඛ්‍යාව 160කි. (මෙම සිනමාශාලා 160න් සිනමාශාලා 11ක් තාවකාලිකව වසා ඇත.) (ඇමුණුම 01**හි දක්වා ඇත.)

              (ii)         මේ වන විට චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමාශාලා සංඛ්‍යාව 149කි. (ඇමුණුම 02**හි දක්වා ඇත.)

              (iii)     

වර්ෂය

දේශීය චිත්‍රපට

ආනයනික චිත්‍රපට

මුළු ගණන

2019

30

158

188

2020

12

  81

  93

2021

11

  78

  89

2022

17

140

157

2023

32

138

170

 

 

 

 

 

 

 

 

 

 

අදාළ විස්තර ඇමුණුම 03හි** දක්වා ඇත.

 

(iv) 2019 වර්ෂයේ සිට මේ දක්වා  චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා ණය මුදල් ලබා දී නොමැත.

 

(ආ) ‍කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදු වූ ආර්ථික අස්ථාවරතාව චිත්‍රපට කර්මාන්තයට බලපෑ හෙයින් සංස්ථාවේ ආදායම් තත්ත්වය අවම විය. එබැවින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා ණය ලබා දීම අදාළ කාල සීමාව තුළ අත්හිටුවා ඇත.

පිළිතුරු දුන් දිනය

2024-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks