පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
511/2024
ගරු රෝහණ බංඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද දිනය කවරේද;
(ii) එම වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) එම වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-22
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මැදවච්චිය ප්‍රාදේශීය සභාව තුළ විදේශ ආධාර යටතේ ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණ දෙකක් පවතින අතර ඉන් ප්‍රාදේශීය සංවර්ධන සහයක ව්‍යාපෘතිය (LDSP) මඟින් ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණයේ වැඩ අවසන් කළ දිනය 2023.05.16 වන අතර උතුරු නැඟෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය (NELSIP) මඟින් ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණයේ වැඩ අවසන් කළ දිනය 2017.07.20 වේ.
(ii) ප්‍රාදේශීය සංවර්ධන සහයක ව්‍යාපෘතිය (LDSP) මඟින් ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණය සඳහා වැය කළ මුදල රුපියල් 41,526,688.36 වන අතර උතුරු නැඟෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය (NELSIP) මඟින් ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණය සඳහා වැය කළ මුදල රුපියල් 51,004,800.14කි.
(iii) ප්‍රාදේශීය සංවර්ධන සහයක ව්‍යාපෘතිය (LDSP) මඟින් ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණය මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා 2023.09.16 දින විවෘත කර ඇති අතර, මේ වන විට ආදායම් උත්පාදනය කරමින් සාර්ථක ලෙස ක්‍රියාත්මකව පවතී.
උතුරු, නැඟෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘති (NELSIP) මඟින් ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණය මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා 2017 අගෝස්තු 20 දින විවෘත කර ඇති අතර මේ වන විට ආදායම් උත්පාදනය කරමින් සාර්ථක ලෙස ක්‍රියාත්මකව පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks