බලන්න

04

E   |     |  

 දිනය: 2024-03-20   පිළිතුර ලබා දී ඇත 

0510/2024: 2010 සිට වැසී ඇති රජයේ පාසල්: අනුරාධපුර දිස්ත්‍රික්කය

510/2024

ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්ෂ 2010 සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසීගිය රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;

  (ii)       එම පාසල්වල නම් කවරේද;

(iii)      එම පාසල් වැසීයාමට බලපාන ලද හේතු කවරේද;

(iv)      එම පාසල් නැවත ආරම්භ කිරීමට හෝ එම පාසල් සතු සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      වර්ෂ 2010 සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසී ගිය රජයේ පාසල් සංඛ්‍යාව 15කි.

              (ii)      1. උමැප/අනු/අනු/මනු/ උපතිස්සගම විදුහල, අනුරාධපුර

                          2.      උමැප/අනු/අනු/රඹෑ/ කොටුපුලියන්කුලම මිහිඳු විදුහල, රඹෑව

                         3.      උමැප/අනු/අනු/නොච්/ හැළබෑව විදුහල, ගාලදිවුල්වැව, නොච්චියාගම

                           4. උමැප/අනු/අනු/නොච්/ ඉට්ටිකුලම විදුහල, ර‍නෝරාව

               5. අ/ ඒරියාගම විදුහල

               6. අ/ වල්පාලුගම නිකත්තේගම ප්‍රා.වි.

               7. අ/ මැදවැව විදුහල

              8. අ/ ඇටවීරවැව විදුහල

               9. අ/ මහකණුමුල්ල විද්‍යාලය

              10. අ/ හපිදියාගම විද්‍යාලය

              11. අ/ වික්කන්පොතාන විද්‍යාලය

              12. අ/ මොරගහවෙල විද්‍යාලය

             13. අ/ විහාරහල්මිල්ලෑව විදුහල

              14. අ/ කිරිකෙටුවැව විදුහල

              15. අ/ කඩවත්රඹෑව විදුහල

(iii) ප්‍රමාණවත් සිසුන්  සංඛ්‍යාවක් නොමැති වීම නිසා එම පාසල් වැසී ගොස් ඇත.

(iv) දැනට එවැනි වැසී ගිය සමහර රජයේ පාසල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සහ වෙනත් ජාතික ශිෂ්‍යභට බලකාය වැනි ආයතන වෙත ලබා දී ඇත.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය අනුව මෙම පාසල් පොකුරු පාසල් සංකල්පය යටතේ නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව විමසා බලන අතර, පෙර පාසල් අධ්‍යාපනය දිරි ගැන්වීම සඳහා මින් යම් පාසල් පන්ති කාමර යොදවා ගැනීමට ඉඩ කඩ සලසා ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks