පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
466/2024
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බස්නාහිර පළාතේ, එක් එක් පළාත් පාලන ආයතනය විසින් කුණු කසළ බැහැර කරනු ලබන ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) මේ වනවිට බස්නාහිර පළාතේ විශාල වශයෙන් කුණු කසල එක්රැස් වී ඇති ස්ථාන සංඛ්‍යාව සහ ඒවා පිහිටා ඇති ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම ස්ථාන අවට ජීවත් වන ජනතාවට පාරිසරික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී තිබෙන බව දන්නේද;
(iv) එම ගැටලු විසදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-22
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පළාත් පාලන ආයතන 49 විසින් කසළ බැහැර කරන ස්ථාන සහ කසළ කළමනාකරණය කරනු ලබන ස්ථාන පිළිබඳව සවිස්තර සටහන, උපලේඛන අංක 01** ලෙස මීට යා කර ඉදිරිපත් කරමි.
(ii) බස්නාහිර පළාතේ කුණු කසළ එක් රැස් වී ඇති ස්ථාන 07ක් හඳුනා ගෙන ඇත. එම ස්ථාන පහත පරිදි වේ.
|
අනු අංකය |
කසළ එක් රැස් වී ඇති ස්ථාන |
|
01 |
දඹුවත්ත, කලගෙඩිහේන අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය |
|
02 |
කොටිකාවත්ත සුසන භූමිය පිටුපස |
|
03 |
කරදියාන, මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, තුම්බෝවිල, කරදියාන |
|
04 |
පොහොරවත්ත, මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, කළුතර |
|
05 |
සුදුවැල්ල, ජාඇල නගර සභා බල ප්‍රදේශය |
|
06 |
අම්බලම්මුල්ල, කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශය |
|
07 |
කොච්චිකඩේ, ඕවිටියාවත්ත (මීගමුව මහා නගර සභාව පාලනය කරනු ලබන) |
(iii) ඔව්.
(iv) එකී ගැටලු අවම කර ගැනීම සඳහා පළාත් පාලන ආයතන විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර දිරන කසළ කොම්පෝස්ට්කරණය, දහනය කළ හැකි කසළ කෙරවලපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කසළ මඟින් විදුලිය නිපදවන (Waste to Energy) බලාගාරය වෙත යොමු කිරීම, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තත්ත්වයේ කසළ වෙන් කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම, කසළවල දුර්ගන්ධය පාලනය කිරීම සහ මැසි මදුරු නාශක භාවිත කරමින් මහජන පීඩා අවම කිරීම එසේ ගෙන ඇති ක්‍රියාමාර්ග අතරින් ප්‍රමුඛ වේ. මෙම ගැටලු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු උපලේඛන අංක 02** වශයෙන් යා කර ඉදිරිපත් කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks