පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
465/2024
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ බලශක්ති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම ව්‍යාපෘති මඟින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂිත විදුලි ඒකක සංඛ්‍යාව කොපමණද;
(iv) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මඟින් විදුලි ඒකකයක මිල කෙරෙහි සිදු වන බලපෑම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-20
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ බලශක්ති ව්‍යාපෘති සංඛ්‍යාව 18කි.
(ii) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති
|
|
ව්‍යාපෘතියේ නම |
මූලාශ්‍රය |
ධාරිතාව (MW) |
|
1 |
මන්නාරම අදියර II සුළංබල ව්‍යාපෘතිය |
සුළං |
250 |
|
2 |
පුනරීන් සුළංබල ව්‍යාපෘතිය |
සුළං |
234 |
|
3 |
පූනකරි වැව් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය |
පාවෙන සූර්ය |
700 |
|
4 |
ඔඩ්ඩමාවඩි, මඩකලපු සූර්ය බලශක්ති ව්‍යාපෘතිය |
සූර්ය |
100 |
|
5 |
සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය |
සූර්ය |
100 |
|
6 |
සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය |
සූර්ය |
50 |
|
7 |
සමනල වැව ජලාශයේ ජල මතු පිට පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (PV) බලාගාරය |
පාවෙන සූර්ය |
200 |
|
8 |
මන්නාරම දූපතේ සුළං බල ව්‍යාපෘතිය |
සුළං |
50 |
|
9 |
හම්බන්තොට ව්‍යාපෘති සමූහය |
සූර්ය |
150 |
|
ප්‍රසම්පාදනය සඳහා සූදානම් කිරීමේ අදියරේ පවතින ව්‍යාපෘති |
|||
|
1 |
වෙරාවිල් |
සුළං |
210 |
|
2 |
කරච්චි |
සුළං |
162 |
|
3 |
තුනුක්කායි |
සූර්ය |
150 |
|
4 |
මාන්තෙයි බටහිර |
සුළං |
200 |
|
5 |
සිලාවතුර |
සුළං |
100 |
|
6 |
රිදියගම වැව |
පාවෙන සූර්ය |
50 |
|
7 |
ඉරක්කාමම් වැව |
පාවෙන සූර්ය |
50 |
|
8 |
කාසල්රී වැව |
පාවෙන සූර්ය |
50 |
|
9 |
දැදුරු ඔය වැව |
පාවෙන සූර්ය |
100 |
(iii) අපේක්ෂිත විදුලි ඒකක සංඛ්‍යාව 70,67,393 MWh/year
(iv) බලශක්තිය මිලදී ගැනීමේ මිල පමණක් සලකා බලන විට, තාප බලශක්තියට සාපේක්ෂව පුනර්ජනනීය බලශක්තිය ලාභදායී වේ. විදුලි සැපයුම සඳහා පුනර්ජනනීය බලශක්ති මඟින් විදුලිය මිලදී ගැනීමේ ඒකක මිලට අමතරව, බලශක්ති ගබඩා පහසුකම්, අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග, විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය අතිරේක ජනක සංචිත (Spinning reserve) වැනි යටිතල පහසුකම් සඳහා තවදුරටත් වියදම් දැරිය යුතු වේ. කෙසේ වෙතත්, ගෝලීය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිරිවැය පහත වැටීමේ ප්‍රවණතාව සහ කාබන් බැර (Carbon credit) යොදවා ගැනීමට හැකි වීමේ වාසිය සැලකිල්ලට ගැනීමේදී අනාගතයේ පුනර්ජනනීය බලශක්තිය මඟින් විදුලි ගාස්තුවට සැලකිය යුතු බලපෑමක් තවදුරටත් ඇති කිරීමේ හැකියාව ඇත.
පසුගිය විදුලි ගාස්තු සමාලෝචනයේදී විදුලි ජනන ඒකකයක පිරිවැය (Average cost) කිලෝවොට් පැයකට රුපියල් 39.02ක් විය. පුනර්ජනනීය ව්‍යාපෘති බොහොමයක ඒකක මිල ගණන් මෙම ඒකක පිරිවැයට වඩා අඩු වේ.
(ආ) සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks