01

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0464/2024: වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කළුගල් කැඩීම: බලපත්‍ර ගාස්තුව අඩු කිරීම

464/2024

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— වනජීවි හා වන සංරක්ෂණ කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)      (i)       වර්ෂ 2015 සිට මේ දක්වා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල පවතින කළුගල් කඩා ඉවත් කිරීමට අවසර ලබා දීමේ ගාස්තු ලෙස, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) කළුගල් කඩා ඉවත් කිරීමේ ගාස්තුව 50%කින් අඩු කිරීමට තීරණය කරන ලද දිනය කවරේද;

(iii) ගාස්තු අඩු කිරීමට බලපාන ලද හේතු සාධක කවරේද;

(iv) ඒ හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අහිමි වූ මුදල ඉහත (ii)හි සඳහන් තීරණය ක්‍රියාත්මක කරන ලද දිනයේ සිට අද දක්වා එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත (ii)හි සඳහන් තීරණය සාධාරණිකරණය කිරීමට ඇති හේතු කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2024-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks