පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2460/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිල්වලා ගංගාවේ, මාතර මහානාම පාලමේ සිට මුහුද දක්වා කොටස ගැඹුරු කිරීමේ සැලසුමක් පවතින්නේද;
(ii) එසේ නම්, එම සැලසුම මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු කවරේද;
(iii) ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
(iv) ඊට අවශ්‍ය අරමුදල් සපයා ගනු ලබන්නේ දේශීය අරමුදල්වලින් ද; නැතහොත්, විදේශීය අරමුදල්වලින් ද;
(v) විදේශ ප්‍රතිපාදන ලබා ගන්නේ නම්, එම රටවල් හෝ ආයතන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-27
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එසේ යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි.
(ii) සැලසුමක් නැති වුවද, නිල්වලා ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතියේ පළමු පියවර ක්‍රියාත්මක කිරීමේ දී ගංවතුර ආරක්ෂණය වැඩි කිරීම සඳහා දෙවන පියවරක් ලෙස නිල්වලා ගඟ මෝයෙන් මුහුදට බසින ජල ප්‍රමාණයට අමතරව තත්පරයට ඝන මීටර් 550ක් මුහුද වෙත ගෙන යෑම සඳහා අමතර ජල මාර්ගයක් - bypass canal - කැපීමට යෝජනා කර තිබුණි. නමුත් යෝජිත ප්‍රදේශ මේ වනවිට ඉතා ජනාකීර්ණ හා සංවර්ධිත ප්‍රදේශ නිසා මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බව පැහැදිලි වී ඇත. ඒ අනුව මාතර නගරයේ ගංවතුර තර්ජනය වැළැක්වීම සඳහා මහානාම පාලමේ සිට මුහුද දක්වා කොටස ගැඹුරු කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී ඇත. ගඟ මුහුදට ආසන්න කොටසේ පතුල තරමක් උසින් පිහිටා තිබීම නිසා එම කොටස කඩා පහත් කිරීම මඟින් ගංවතුර බැස යාම වැඩි දියුණු කිරීම යෝජනාවේ අරමුණ වේ. කෙසේ වෙතත් දැනටමත් පෙනී ගොස් ඇති පරිදි වියළි කාලය තුළ ගඟ ඉහළට ලවණ ජලය ගලා යෑමද වැඩි වීමට ඉඩ තිබීම නිසා පානීය ජල සැපයුමට ගැටලු ඇති කිරීමත්, අනෙකුත් පාරිසරික සමතුලිතතාවන්ට බාධා වීමත් සිදුවීමට ඉඩ ඇති නිසා මෙම යෝජනාව ඉතා සැලකිල‍්ලෙන් අධ්‍යයනය කිරීමට සිදු වී ඇත. එකී අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වුණු යෝජනාව සඳහා පාරිසරික හා අනෙකුත් අදාළ ආයතනවලින් අනුමැතියක් ලැබෙන්නේ නම් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනු ඇත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks