පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-11
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2022 වර්ෂය වන විට ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ශුද්ධ වත්කම්වල වටිනාකම ඍණ රුපියල් බිලියන 85.9කි. ඒ අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ වර්තමාන වගකීම රුපියල් බිලියන 85.9කි.
1987 වර්ෂයේ ආරම්භ කරන ලද යෝජනා ක්‍රමය වාරික වැඩි කිරීමකින් තොරව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වැඩි කිරීම නිසා විශ්‍රාම වැටුප් වගකීම වැඩිවීම හේතුවෙන් ශුද්ධ වත්කම් ඍණ අගයක් ගෙන ඇත.
(ii) විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සෑම වසරකම අය වැය ප්‍රතිපාදන මඟින් මුදල් ලබා දීම සිදු කරනු ලබයි. එයට අමතරව වාරික ආදායම ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට බැර කරනු ලැබේ.
(iii) මේ යෝජනා ක්‍රමයට වයස අවුරුදු 18-55 අතර ගොවි මහතුන්හට දායකත්වය ලබාගත හැකි වන අතර, වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු මාසික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
(iv) 2022 වර්ෂයේ දෙසැම්බර් මස වන විට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා දායකයන් 169,741දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
එම වර්ෂය සඳහා ගෙවන ලද විශ්‍රාම වැටුප් ප්‍රමාණය රුපියල් මිලියන 4,053කි.
(ආ) (i) 2024 වර්ෂය වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රතිලාභින් 177,528දෙනෙකු සුදුසුකම් ලබා ඇත. 2024 මැයි මාසය වන විට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ දායකයින් 636දෙනෙකු පොරොත්තු ලේඛනගතව ඇත.
(ii) ඔවුන්ට ප්‍රතිලාභ ගෙවීම නතර කර නොමැත. විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය වෙත ඔවුන්ගේ ලිපිගොනු විශ්‍රාම වැටුප් සැකසීම සඳහා යොමු කර ඇත. ඒ අනුව කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට කටයුතු යොදා ඇත.
(iii) පොරොත්තු ලේඛනයේ සිටින ගොවි මහතුන් සඳහා ආරම්භයේදී එක් අයකු වෙනුවෙන් රුපියල් 1,000 බැගින් මාසිකව රුපියල් 636,000ක මුදලක් ගෙවීමට නියමිත වේ. පසුව දායකයාගේ වයස අනුව එක් විශ්‍රාම වැටුප්ලාභියකු සඳහා පහත පරිදි වැඩිකළ විශ්‍රාම වැටුපක් ගෙවීමට නියමිත වේ.
වයස (අවුරුදු) මාසික විශ්‍රාම වැටුප
(රුපියල්)
60-63 1000.00
64-70 1250.00
71-77 2000.00
78- ඊට වඩා වැඩි 5000.00
(ඇ) (i) නැත.
(ii) 1987 වර්ෂයේ ආරම්භ කරන ලද රාජ්‍ය සහනාධාර සහිත යෝජනා ක්‍රමය සඳහා දායක වූ ගොවි මහතුන් වෙත අඛණ්ඩව විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු යොදා ඇත.
2024 වර්ෂය තුළ ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 5,386ක් වෙන් කර ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks