පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
379/2024
ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරි සුරැකුම් ගනුදෙනු (හෙජින් ගිවිසුම්) සඳහා යොමුවීමට හේතු කවරේද;
(ii) වර්ෂ 2010 සිට මේ දක්වා සංස්ථාව විසින් ඉදිරි සුරැකුම් ගනුදෙනු සිදු කරන ලද මූල්‍ය ආයතන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත කාලය තුළදී සිදු කරන ලද ඉදිරි සුරැකුම් ගනුදෙනුවලින් ලැබූ ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ඉදිරි සුරැකුම් ගනුදෙනුවලදී ඉහත සංස්ථාව නියෝජනය කරන ලද නිලධාරින්/පුද්ගලයින් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉදිරි සුරැකුම් ගනුදෙනු හේතුවෙන් සිදු වූ අලාභ, වත්මන් ඉන්ධන මිල වැඩිවීම කෙරෙහි බලපා තිබේද;
(ii) එසේ නම්, එම බලපෑම අවම කර ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) ඉදිරියටත් මෙවැනි අලාභ සිදුවිය හැකි ඉදිරි සුරැකුම් ගනුදෙනුවලට එළැඹීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-22
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ සිදුවන ඛනිජ තෙල් මිල ගණන්වල උච්චාවචන නිසා ඇතිවන අවදානම - risk එක - අවම කිරීම සඳහා ඉදිරි සුරැකුම් ගනුදෙනු සඳහා යොමුවීම සිදුවේ.
(ii) 2010 වර්ෂයේ සිට මේ දක්වා සංස්ථාව ඉදිරි සුරැකුම් ගනුදෙනුවල නිරතවී නොමැත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ආ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) ඉදිරියේදී ඉදිරි සුරැකුම් ගනුදෙනුවලට එළඹීමට සැලසුම් කර නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks