පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
378/2024
ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශූද්ධ වත්කම්වල වටිනාකම කොපමණද;
(ii) වර්ෂ 2018 සිට 2022 දක්වා එම සංස්ථාවේ ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම සංස්ථාව අලාභ ලබන්නේ නම්, ඊට හේතු කවරේද;
(iv) එම අලාභ මඟහරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිඟ මුදල් ගෙවීමට ඇති ආයතන කවරේද;
(ii) එම එක් එක් ආයතනයෙන් ලැබිය යුතු හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම හිඟ මුදල් අයකර ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2022.12.31 දිනට ඍණ ශුද්ධ වත්කම් අගය රුපියල් මිලියන 86,731.94කි.
2023.12.31 දිනට ශුද්ධ වත්කම් අගය රුපියල් මිලියන 33,471.26කි.
(ii)
|
වර්ෂය |
ලාභය/ (අලාභය) රුපියල් මිලියන |
|
2018 |
(106,162.41) |
|
2019 |
(11,856.60) |
|
2020 |
2,356.38 |
|
2021 |
(81,816.43) |
|
2022 |
(617,589.39) |
(iii) 1. මෙම කාල පරිච්ඡේදයේදී ජාත්‍යන්තර ඉන්ධන මිල වෙනස් වීමට සමගාමීව සම්පූර්ණ පිරිවැය ආවරණය වන ලෙස දේශීය ඛනිජ තෙල් විකුණුම් මිල තීරණය නොකිරීම.
2. විදේශ විනිමය අනුපාත අහිතකර ලෙස විචලනය වීම මත විදේශ විනිමය ණය සහ බිල්පත් නිරවුල් කිරීමේ දී විශාල විදේශ විනිමය අලාභ වාර්තා වූ අතරම අධික මූල්‍ය වියදම් ද (බැංකු පොලී) දරා ඇති අතර මෙම අලාභ සහ පිරිවැය අවශෝෂණය වන ලෙස විකුණුම් මිල තීරණය නොවීම.
(iv) 1. වර්තමානයේ දී ජාත්‍යන්තර මිල ගණන්වල හා විනිමය අනුපාතිකයේ වෙනස්වීම්වලට සමගාමීව අනෙකුත් පිරිවැයවල ඇති වන වෙනස්වීම් ද සලකා දේශීය ඛනිජ තෙල් විකුණුම් මිල ගණන් සංශෝධනය කිරීම.
2. විනිමය අනුපාත මත ඇති වන අලාභ සහ මූල්‍ය පිරිවැය අවම වන ලෙස සංස්ථාවේ භාණ්ඩාගාර කටයුතු කාර්යක්ෂම කිරීම.
3. ඉන්ධන ආනයනයේදී වන ප්‍රමාදය ඇති නොවීම සඳහා නව ඉන්ධන මිල දී ගැනීම සහ පියවීමේ ක්‍රම (ex-storage වැනි ක්‍රම) භාවිත කිරීම මඟින් ප්‍රමාද ගාස්තු (demurrage) ශුන්‍ය වීම හා සංස්ථාවේ මුදල් ප්‍රවාහය කළමනාකරණය තුළින් මූල්‍ය වියදම් පාලනය.
4. ලියාපදිංචි සැපයුම්කරුවන් වැඩි කිරීම හා ඛනිජ තෙල් ප්‍රසම්පාදනය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය වැඩි කිරීම මඟින් තරගකාරිත්වය වැඩි කිරීම සහ ඒ තුළින් ඉන්ධන ආනයන ප්‍රිමියම් අගය අඩු කිරීමට කටයුතු කිරීම.
5. ලාභදායි, තරගකාරි ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කිරීම සහ පුළුල් කිරීම.
(ආ) (i) 1. ලංකා විදුලිබල මණ්ඩලය
2. නොදර්න් පවර් පෞද්ගලික සමාගම (Northern Power Company)
3. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
4. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
5. ශ්‍රී ලංකා නාවික හමුදාව
6. ශ්‍රී ලංකා ගුවන් හමුදාව
7. ශ්‍රී ලංකා පොලීසිය
(ii)
|
|
ආයතනය |
2023.12.31 දිනට අයවිය යුතු ශේෂය (රුපියල් මිලියන) |
|
1. |
ලංකා විදුලිබල මණ්ඩලය |
3,529.61 |
|
2. |
නොදර්න් පවර් පෞද්ගලික සමාගම (Northern Power Company) |
39.52 |
|
3. |
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව |
3,667.13 |
|
4. |
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
2,544.10 |
|
5. |
ශ්‍රී ලංකා නාවික හමුදාව |
3,149.91 |
|
6. |
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
411.28 |
|
7. |
ශ්‍රී ලංකා පොලීසිය |
75.47 |
(iii) 1. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 3,529.61
ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් 2023.12.31 දිනට අය විය යුතු ශේෂය වන රුපියල් මිලියන 3,529.61ක මුදලින්, රුපියල් මිලියන 746.35ක මුදලක් මේ වනවිට පියවා ඇත. තවදුරටත් නොපියවා පවතින හිඟ ශේෂය පොදු ව්‍යාපාරවල ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණයේදී භාණ්ඩාගාරය විසින් පියවීමට හඳුනා ගත් මුදල රුපියල් මිලියන 2,783.265ක් වන අතර, එය කඩිනමින් පියවීමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වා ඇත.
2. නොදර්න් පවර් (පුද්ගලික) සමාගම - Northern Power Company (Private) Limited - රුපියල් මිලියන 39.52
ඉහත මුදල අය කර ගැනීමට නීතිමය කටයුතු සිදු කරමින් පවතී.
3. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය.
ඉහත සඳහන් ආයතන විසින් CPC ආයතනය වෙත ගෙවිය යුතු හිඟ මුදල් පියවීම සඳහා CPC ආයතනය රජයට ගෙවිය යුතු බදු මුදල්වලට එරෙහිව හිලව් කිරීම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය මත සිදු කරයි. මෙම හිඟ මුදල් හිලව් කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් සෑම මසකදීම CPC ආයතනය වෙත හිලව් කිරීමේ ලිපි යොමු කරයි.
2023.12.31 දිනට මහා භාණ්ඩාගාරය හරහා පියවා ගැනීමට ඇති ශේෂය පෙන්වා ඇත.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2024-08-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. වී. චානක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks