01

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0377/2024: ඉන්ධන බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන: ගබඩා ධාරිතාව

377/2024

ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති ඉන්ධන බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

              (ii)      එම එක් එක් මධ්‍යස්ථානයේ ගබඩා ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් මධ්‍යස්ථානයේ ගබඩා ධාරිතාවය අවසන්වරට වැඩි කරන ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ වර්තමාන ඉන්ධන ඉල්ලුමට සාපේක්ෂව ඉහත සඳහන් මධ්‍යස්ථානවල ගබඩා ධාරිතාව පහළ මට්ටමක පවතින බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඒවයේ ගබඩා ධාරිතාවය වැඩි කිරීමට කටයුතු කරන්නේද;

  (iii) ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iv) බවුසර් මඟින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට සාපේක්ෂව දුම්රිය ගැල් මඟින් ඉන්ධන ප්‍රවාහනය කිරීම ලාභදායක සහ ගැටලු අවම ක්‍රමයක් බව පිළිගන්නේද;

(v) එසේ නම්, ඉන්ධන ප්‍රවාහනය සඳහා වැඩි වශයෙන් දුම්රිය භාවිතා කිරීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මධ්‍යස්ථාන 14කි.

              (ii)      එක් එක් මධ්‍යස්ථානයේ ගබඩා ධාරිතාව පහත පරිදි වේ.

ගබඩා ධාරිතාව - 27.01.2024 (මෙ.ටො.)

 

92 Petrol

95 Petrol

Super Diesel

Auto Diesel

Jet A-1

Lanka Super Kerosene

Fuel Oil

Naphtha

SBP

Industrial Kerosene

Total

කොලොන්නාව

53,711

18,373

12,314

45,163

38,988

10,488

48,120

26,547

2,118

1,593

257,414

මුතුරාජවෙල

71,680

 

 

123,449

 

0

20,335

 

 

 

215,463

අනුරාධපුරය

314

 

 

1,066

 

106

 

 

 

 

1,485

බදුල්ල

156

 

 

1,135

 

28

 

 

 

 

1,319

මඩකලපුව

385

 

 

650

 

0

 

 

 

 

1,035

ගාල්ල

298

 

46

1,837

 

252

 

 

 

 

2,433

හපුතලේ

121

 

 

163

 

24

 

 

 

 

307

කන්කසන්තුරේ

271

 

 

8,450

 

598

 

 

 

 

9,319

කොටගල

241

 

 

1,019

 

130

 

 

 

 

1,391

කුරුණෑගල

524

 

 

1,257

 

0

 

 

 

 

1,782

මාතර

121

 

 

248

 

50

 

 

 

 

419

පේරාදෙණිය

475

 

 

1,150

 

0

 

 

 

 

1,625

සරසවි උයන

0

 

 

209

 

0

 

 

 

 

209

වවුනියාව

 

 

 

79

 

44

 

 

 

 

123

මුළු එකතුව

128,296

18,373

12,359

185,875

38,988

11,720

68,454

26,547

2,118

1,593

494,324

(iii) ගබඩා ධාරිතාව අවසන් වරට වැඩිදියුණු කරන ලද වර්ෂ හා මධ්‍යස්ථාන පිළිබඳ විස්තර පහත පරිදි වේ.

 

මධ්‍යස්ථානය

වැඩි කරන ලද මුළු ගබඩා ධාරිතාව

දිනය

කොලොන්නාව ගබඩා පර්යන්තය

29,000m3 (1 No. 15,000m3 and 2 Nos. 7,000m3)

2022.08.10

 

15,000m3 (1 No. 15,000m3)

2019.10.25

බදුල්ල තොග ගබඩාව

1,350m3 (2 Nos. 625m3 and 1 No. 100m3)

1997

ගාල්ල තොග ගබඩාව

1,875m3 (3 Nos. 625m3)

1997

 

625m3 (1 No. 625m3)

2010

පේරාදෙණිය තොග ගබඩාව

1,250m3 (2 Nos. 625m3)

1997

කුරුණෑගල තොග ගබඩාව

1,250m3 (2 Nos. 625m3)

1997

අනුරාධපුර තොග ගබඩාව

1,350m3 (2 Nos. 625m3 and 1 No. 100m3)

1997

(ආ)         (i)       ඔව්.

              (ii)       ඔව්.

             (iii)      ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි (CPSTL) ගබඩා ධාරිතාව වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියා මාර්ග පහත පරිදි වේ.

 

මධ්‍යස්ථානය

වැඩි කිරීමට බලාපොරොත්තු වන ගබඩා ධාරිතාව

වර්තමාන තත්ත්වය

කොලොන්නාව ගබඩා පර්යන්තය

64,000m3

සම්පූර්ණ ධාරිතාව  64,000m3 ක් වූ නව ටැංකි 6ක් ඉදිකිරීම සඳහා 2019.09.10 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර, 2019.09.24 දින M/s. JPMA-GTPL Association වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළද කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය හේතුවෙන් 2022.01.19 දින වැඩ අහවර කිරීමේ නිවේදනය නිකුත් කරන ලදී. එයට අදාළව නීතිමය කටයුතු කෙරෙන අතරතුර මෙම ටැංකි සංවර්ධනය කිරීමේ ඉතිරි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට 2024.01.08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇති අතර ඊට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතී.

මධ්‍යස්ථානය

වැඩි කිරීමට බලාපොරොත්තු වන ගබඩා ධාරිතාව

වර්තමාන තත්ත්වය

මුතුරාජවෙල පර්යන්තය

40,000m3

මුළු ගබඩා ධාරිතාව  40,000m3 වූ නව ටැංකි 3ක් ඉදිකිරීම සඳහා 2023.12.06 දින CPSTL අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වූ බැවින් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී.

එමෙන්ම ප්‍රාදේශීය වශයෙන් පවතින මධ්‍යස්ථානවල ගබඩා ධාරිතාව තවදුරටත් වැඩි කිරීමේ හැකියාව සොයා බලා වාර්තා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත. එසේ ලැබෙන වාර්තාව අනුව මෙම ධාරිතාවන් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රමානුකූල පියවර ඉදිරියේදී ගනු ඇත.

             (iv)      දුම්රිය ගැල් මඟින් ඉන්ධන ප්‍රවාහනය කිරීම බවුසර් මඟින් ඉන්ධන ප්‍රවාහනයට වඩා ලාභදායි වේ. නමුත්, දුම්රිය ප්‍රවාහනයේදී පවතින ඊට ආවේණික ගැටලු හා සීමාවන් නිසා රටෙහි සෑම ස්ථානයකටම දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවාහනය කළ නොහැකි වීම හා නියමිත වේලාවට ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වීම වැනි ගැටලු පවතී.

(v) දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවාහනය කළ ‍හැකි ස්ථානවලට දුම්රිය ප්‍රවාහනයේදී පවතින සීමාවන් ඇතුළත ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය වැඩි වශයෙන් භාවිත කිරීමට කටයුතු කරයි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks