04

E   |     |  

 දිනය: 2024-07-11   පිළිතුර ලබා දී ඇත 

0374/2024: ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් සහ සේවකයන්: පැමිණීම සහ පිටවීම වාර්තා කිරීම සහ අතිකාල ගෙවීම්

----

අසන ලද දිනය

2024-07-11

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්. ඇඟිලි සලකුණු පද්ධතියක් ඇත.

              (ii)        ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින්ගේ සේවයේ ස්වභාවය අනුව පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ප්‍රායෝගික නොවේ. මේ පිළිබඳව දැනටමත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වෙත හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇත.

එම ප්‍රායෝගික හේතු නිසා ශ්‍රී ලංකා රේගුවේ කිසිදු නිලධාරියෙකු හෝ සේවකයෙකු පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත නොකරයි.

(iii) පැමිණීම හා පිටවීම සටහන් නොකර අතිකාල දීමනා ලබා ගත් නිලධාරින් නොමැති අතර විධිමත් අනුමත අතිකාල ලේඛනයක පැමිණීම හා පිටවීම සටහන් කර අතිකාල දීමනා ලබා ගෙන ඇත. රේගු නිලධාරින් තම සේවාදායකයන් වෙත සපයනු ලබන සේවා සඳහා සේවාදායකයන්ගේ අංක 1520/17 හා 2007 ඔක්තෝබර් 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ සේවා ගාස්තු අය කරයි. ඒ අනුව, මෙම දීමනා ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් විසින් සාමාන්‍ය රාජකාරි කාලයෙන් පරිබාහිරව ඉටු කරනු ලබන රාජකාරි සඳහා සේවා ලබන්නන් විසින් රේගු දෙපාර්තමේන්තුවට ගෙවනු ලබන ගාස්තු පදනම් කරගෙන ආයතන සංග්‍රහයේ IX පරිච්ඡේදයේ 1.1.1හි දක්වා ඇති ගාස්තු ප්‍රකාරවය. එය රාජ්‍ය නිලධාරින්ට අතිකාල සහ නිවාඩු දින රාජකාරි ඉටු කිරීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේ VIII පරිච්ඡේදය ප්‍රකාරව ගෙවනු ලබන අතිකාල දීමනාවක් නොවේ.

(iv) එසේ අතිකාල දීමනා ලබාගෙන නොමැත.

(ආ) (i) එලෙස වංචනික ලෙස අතිකාල දීමනා ලබා ගෙන නැත.

(ii) අදාළ නැත.

(iii) අදාළ නැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks