පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
373/2024
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2022 වර්ෂය තුළ රිය අනතුරුවලට ලක් වී ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම අනතුරු හේතුවෙන් මරණයට පත් වූ හා තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත අනතුරු සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් විමර්ශන සිදු කර තිබේද;
(iv) එසේ නම්, එම විමර්ශනවල නිගමන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2022 වර්ෂය තුළ රිය අනතුරුවලට ලක් වී ඇති පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම අනතුරු හේතුවෙන් මරණයට පත් වූ හා තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) අනතුරු අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-05
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 447යි.
(ii) මරණයට පත් වූ මගීන් සංඛ්‍යාව 58යි.
තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව 290යි.
(iii) ඉහත අනතුරු සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් විමර්ශන සිදු නොකරන අතර, අදාළ අනතුරු සම්බන්ධව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින්ද, අනතුරේ ස්වභාවය අනුව ශ්‍රී ලංකා පොලීසිය විසින්ද විමර්ශන සිදු කරනු ලැබේ.
ඒ විමර්ශනවල නියමයන් අනුව අනතුරු වළක්වා ගැනීම සඳහා විවිධ පියවර ගෙන තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ වෙනම ආයතනයක් විසින් විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා.
(iv) අදාළ නොවේ.
(ආ) (i) 1,305කි.
(ii) මරණයට පත් වූ මගීන් සංඛ්‍යාව 147කි.
තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව 741කි.
(ඇ) ඔව්. අනතුරු අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇති අතර, ඒ අනුව විශේෂයෙන්ම මාර්ග අනතුරු අවම කර ගැනීමේ ව්‍යාපෘති යටතේ මත් ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමට අදාළ උපකරණ කට්ටල - test kits - මිල දී ගැනීමට කටයුතු කර ඇත.
තවද, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පාසල්වල ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා වන වැඩසටහන් ද, මාර්ග අනතුරු අවම කර ගැනීම පිළිබඳව රියැදුරු පාසල් හරහා බස් රථ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද, 2024 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ප්‍රශ්නයේ ඇති බරපතළකම නිසා ඉකුත් සතිවල ගරු ජනාධිපතිතුමාත්, කැබිනට් මණ්ඩලයත් මේ ගැන සාකච්ඡා කරමින් සඳහන් කළා, පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් නැවතත් පත් කරලා ඉතා විශාල වශයෙන් සිදු වන රිය අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සහ ඒ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කර ගැනීම වැදගත්ය කියලා.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks