01

E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

0371/2024: ලසාර්ඩ්-ෆ්‍රාන්ස් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමඟ එළඹි ගිවිසුම්: මූලික වගකීම් සහ ගෙවීම්

371/2024

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ලසාර්ඩ්-ෆ්‍රාන්ස් සමාගමෙන් (M/S Lazards-France) මූල්‍ය උපදේශන සේවා ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගිවිසුමකට එළැඹී තිබේද;

             (ii)       එසේ නම්, එම ගිවිසුම අනුව ඉහත සමාගමේ මූලික වගකීම් කවරේද;

(iii) ඉහත ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු මුදල හා මේ වනවිට ගෙවා ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් හා එක්සත් ජනපද ඩොලර් වලින් වෙන් වෙන් වශයෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ක්ලිෆර්ඩ් චාන්ස් (M/S Clifford Chance LLP) සමාගමෙන් නීති උපදේශක සේවා ලබා ගැනීමට රජය ගිවිසුමකට එළැඹී තිබේද;

(ii) එසේ නම්, එම ගිවිසුම අනුව ඉහත සමාගමේ මූලික වගකීම් කවරේද;

(iii) ඉහත ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු මුදල හා මේ වනවිට ගෙවා ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් හා එක්සත් ජනපද ඩොලර් වලින් වෙන් වෙන් වශයෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය මූල්‍ය උපදේශන සහාය ලබා ගැනීමට ලසාර්ඩ්-ෆ්‍රාන්ස් සමාගම - M/S Lazards-France - සමඟ ගිවිසුමට එළඹ ඇත.

              (ii)       විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා රජය සමඟ ඇති කර ගත් ගිවිසුම් සහ ගෙවීම් ඇතුළු නීතිමය සහ මූල්‍ය උපදේශකයින් පිළිබඳ තොරතුරු ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

(iii)

 

සේවා සපයන්නාගේ නම

ආරම්භක කොන්ත්‍රාත් කාලය

දීර්ඝ කරන ලද කොන්ත්‍රාත් කාලය

2024.07.31 දිනට ගෙවූ මුදල (එ.ජ.ඩො. මිලියන)

Lazard Freres SAS

26.05.2022 25.05.2023

26.05.2023 25.11.2024

6.9

 

 

 

 

 

 

(ආ) (i) අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය නීති උපදේශන සහය ලබා ගැනීමට ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම (M/S Clifford Chance LLP) සමඟ ගිවිසුමට එළඹ ඇත.

        (ii) විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා රජය සමඟ ඇති කරගත් ගිවිසුම් සහ ගෙවීම් ඇතුළු නීතිමය සහ මූල්‍ය උපදේශකයන් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

        (iii)

 

සේවා සපයන්නාගේ නම

ආරම්භක කොන්ත්‍රාත් කාලය

දීර්ඝ කරන ලද කොන්ත්‍රාත් කාලය

2024.07.31 දිනට ගෙවූ මුදල (එ.ජ.ඩො.මිලියන)

Clifford Chance LLP

01.06.2022 - 30.11.2022 (6 months)

01.12.2022 -30.05.2023

(6 months) 31.05.2023 - 31.08.2023

(3 months) 01.09.2023 -29.02.2024

(6 months) 01.03.2024 -31.05.2024

(3 months) 01.06.2024  - 30.11.2024

(6 months)

   4.6

 

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks