01

E   |     |  

 දිනය: 2024-03-22   පිළිතුර ලබා දී ඇත 

0367/2024: මධ්‍යම රජය, පළාත් සභා සහ පෞද්ගලික අංශයට අයත් රෝහල්: කාර්ය මණ්ඩලය

367/2024

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මධ්‍යම රජ‍යට, පළාත් සභාවලට සහ පෞද්ගලික අංශයට අයත් රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;

              (ii)       එම රෝහල්වල ඇති ඇඳන් සංඛ්‍යාව;

            (iii)       මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල්වල ස්ථාපිත කර ඇති හදිසි ප්‍රතිකාර සේවා ඒකකවල ඇඳන් සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ සිටින ලියාපදිංචි වෛද්‍යවරුන් සංඛ්‍යාව;

(ii) මේ වනවිට සේවයේ යෙදී සිටින හෙද නිලධාරින් හා හෙදි නිලධාරිනියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;

(iii) වෛද්‍ය, හෙද හැර රජයේ රෝහල්වල සේවය කරනු ලබන අනෙකුත්    සේවකයන් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන්;

(iv) ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින වෛද්‍ය-රෝගීන් අනුපාතය සහ රෝගීන්- ඇඳන් අනුපාතය වෙන් වෙන් වශයෙන්‍;

කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-22

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයට අයත්
         රෝහල් සංඛ්‍යාව        -         60

                        ශ්‍රී ලංකාවේ පළාත් සභාවලට අයත්
         රෝහල් සංඛ්‍යාව        -         1,101

                        ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට
         අයත් රෝහල් සංඛ්‍යාව        -            190

              (ii)      මධ්‍යම රජයේ රෝහල්වල ඇඳන්
සංඛ්‍යාව - 45,713

පළාත් සභා රෝහල්වල ඇඳන්
සංඛ්‍යාව - 41,109

පෞද්ගලික රෝහල්වල ඇඳන්
සංඛ්‍යාව -   5,381

මීට අමතරව වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල සෞඛ්‍ය ආයතනවල ද රෝගී ඇඳන් 2,964ක් ඇත.

(iii) මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල්වල ස්ථාපිත කර ඇති හදිසි ප්‍රතිකාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව 1,606යි.

(ආ) (i) 2024.03.05 දින වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි ක්‍රියාකාරී වෛද්‍යවරුන් සංඛ්‍යාව 35,528යි.

(ii) හෙද නිලධාරින් සංඛ්‍යාව- 2,922

හෙද නිලධාරිනියන් සංඛ්‍යාව- 37,891

(iii) වෛද්‍ය, හෙද හැර මධ්‍යම රජයේ රෝහල්වල සේවය කරනු ලබන අනෙකුත් සේවක සංඛ්‍යාව ඇමුණුම 01හි දක්වා ඇත. එය දිග list එකක්.

 වෛද්‍ය, හෙද හැර පළාත් සභා රෝහල්වල සේවය කරනු ලබන අනෙකුත් සේවක සංඛ්‍යාව ඇමුණුම 02හි දක්වා ඇත.

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

(iv) ශ්‍රී ලංකාවේ වෛද්‍ය-රෝගී අනුපාතය

ජනගහනය 1,000කට වෛද්‍ය නිලධාරින් 1.2යි.

ශ්‍රී ලංකාවේ රෝගී-ඇඳන් අනුපාතය

මුළු රෝහල් ඇඳන් සංඛ්‍යාව (2022) -  89,786

මුළු මධ්‍ය වාර්ෂික ජනගහනය   -  22,181,000

ජනගහනය 1,000කට ඇති රෝගී ඇඳන් සංඛ්‍යාව -  4.0

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks