01

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0365/2024: පොල් ඵලදාව ඉහළ නැංවීම: ක්‍රියාමාර්ග

365/2024

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)      ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය නගා සිටුවීම සඳහා ස්ථාපිත කර ඇති රාජ්‍ය         ආයතනවල නම් කවරේද;

             (ii)      ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් ගෘහස්ථ පරිභෝජනය,  පොල් තෙල් නිෂ්පාදනය හා අපනයනය ආශ්‍රිත කර්මාන්ත යන එක් එක් අංශය සඳහා භාවිතා කරනු ලබන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 2001 සිට 2020 දක්වා එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකාවේ පොල් ඵලදාව එක් එක් වර්ෂයට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) පොල් ඵලදාව ඉහළ නැංවීම සඳහා ඉහත කාලය තුළදී සිදු කරන ලද  වැඩසටහන් කවරේද;

(v) එම වැඩසටහන් සඳහා වැය කරන ලද මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      මෙරට පොල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයතන හතරක් පිහිටුවා ඇත. එනම්,

  • පොල් සංවර්ධන අධිකාරිය
  • පොල් පර්යේෂණ ආයතනය
  • පොල් වගා කිරීමේ මණ්ඩලය
  • කප්රුක අරමුදල

              (ii)     

 

වර්ෂය

ගෘහස්ථ පොල් පරිභෝජනය සඳහා (ගෙඩි මිලියන)

‍පොල්තෙල් නිෂ්පාදනය සඳහා (ගෙඩි මිලියන)

පොල් ආශ්‍රිත අපනයනයන් නිෂ්පාදනය (ගෙඩි මිලියන)

2021

1,833

211

1,091

2022

1,848

445

1,168

2023 ජනවාරි-නොවැම්බර්

1,696

202

1,058

 

(iii)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(iv) පොල් ඵලදාව ඉහළ නැංවීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය විසින් පහත පියවර ගෙන ඇත.

 

*  පොල් වගා කිරීමේ මණ්ඩලය

  • පවත්නා පොල් ගස් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා නව/ නැවත/ යටි වගා ක්‍රම මඟින් ගුණත්වයෙන් යුතු පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය.
  • ගෙවතු වගාව සඳහා අවශ්‍ය කරන ඉහළ ගුණත්වයෙන් යුතු පොල් පැළ ලබා දීමේ වැඩසටහන.
  • පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පොල් වගාව සඳහා අවශ්‍ය කරන පොහොර යෙදීම දිරිගන්වනු වස් "පොල් ඉඩමට පොල් පොහොර" යෙදීමේ සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පොල් වගාව සමඟ ගව පාලනය ප්‍රචලිත කිරීමේ අරමුණින් පොල් ඉඩමේ ගව ගාල් ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • පවත්නා දේශගුණික විපර්යාස හමුවේ පාංශු ජල සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන පොල් ඉඩමේ වැසි ජල සංරක්ෂණය / තෙතමන සංරක්ෂණ වැඩසටහන/ ජල සම්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පොල් වගාවට හානි කරනු ලබන කෘමි පළිබෝධකයන් පාලනය කිරීම සඳහා පොල් ඉඩම්වල කෘමි පළිබෝධ මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • පොල් වගා භූමියෙන් උපරිම වගා ඵලදායිතාවයක් ලබා ගැනීමටත්, පසට නයිට්‍රජන් ලබා දීමේ ප්‍රභවයක් ලෙසත් පොල් ඉඩමේ ග්ලිරිසීඩියා වගා සහනාධාරය ක්‍රියාත්මක කිරීම.

* කප්රුක අරමුදල

මෙමඟින් පොල් කර්මාන්තයේ සහ වගා ඉඩම්වල ඵලදායීතාව වැඩි කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සපයනු ලබයි.

*  පොල් පර්යේෂණ ආයතනය

  • පොල් ක්ෂේත්‍රයට අදාළව, රෝග/ පළිබෝධ පාලනය, නව පොල් ප්‍රභේද හඳුන්වා දීම, පටක රෝපිත පොල් පැළ නිපදවීම, කාලගුණික විපර්යාසවලට ඔරොත්තු දීමට සූදානම් වීම, පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ආදී විෂය කරුණු ඔස්සේ පර්යේෂණ සිදු කිරීම.
  • පොල් ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය වන නිර්දේශ හා විශේෂඥ දැනුම ලබා දීම.
  • උසස් ගුණාත්මයෙන් යුතු පොල් පැළ වගාකරුවා වෙත ලබා දීමේ අරමුණින් නව බීජ පොල් උයන් ඇති කිරීම, බීජ පොල් පැළ සහතික කිරීම වැනි සංවර්ධන කටයුතු සිදු කිරීම.
  • පොල් වගාව සහ ඵලදාව සම්බන්ධ විශ්ලේෂණ වාර්තා, පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • පොල් වගාව හා කර්මාන්තය පිළිබදව නව දැනුම ගොවීන්ට, නිෂ්පාදකයන්ට ලබා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය සමඟ ඒකාබද්ධව පුහුණු වැඩසටහන් හා අනෙකුත් ව්‍යාප්ති වැඩසටහන් පැවැත්වීම.

 

(v) පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය විසින් පොල් ඵලදාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සඳහා වැය වූ මුදල් ප්‍රමාණය 2001 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වෙන් වෙන් වශයෙන් පහත පරිදි දක්වා ඇත.

 

වර්ෂය

පොල් වගා කිරීමේ මණ්ඩලය

පොල් පර්යේෂණ ආයතනය

 

වැය කළ මුදල (රුපියල් මිලියන)

වැය කළ මුදල (රුපියල් මිලියන)

2001

  68.76

 8.61

2002

104.10

 2.82

2003

216.48

 5.70

2004

 40.00

 6.54

2005

124.10

 9.02

2006

265.91

10.27

2007

176.96

21.84

2008

216.06

19.40

2009

232.81

22.45

2010

265.90

36.31

2011

278.60

10.93

2012

531.55

46.82

2013

614.25

36.48

2014

698.12

40.68

2015

447.57

35.94

2016

963.69

50.18

2017

939.32

44.24

2018

500.17

39.55

2019

261.97

37.41

2020

458.97

36.79

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks