පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
361/2024
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2023 ඔක්තෝබර් 01 දින වන විට —
(i) රජයේ පාසල්වල සේවය කරනු ලබන ගුරුවරුන්, ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් සංඛ්‍යාව;
(ii) ගණිතය, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි, සෞන්දර්ය, ක්‍රීඩා සහ ප්‍රාථමික අධ්‍යාපනය යන එක් එක් විෂය සඳහා සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව සහ මේ වනවිට සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව;
(iii) විදුහල්පති තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව;
(iv) වැඩබලන විදුහල්පතිවරුන් ලෙස සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) වැඩිම ගුරු හිඟය හා අතිරික්තය පවතින සහ වැඩිම විදුහල්පති හිඟය හා අතිරික්තය පවතින අධ්‍යාපන කොට්ඨාස විස්සේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-05
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i)
|
|
ගුරුවරුන් සංඛ්‍යාව |
ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සංඛ්‍යාව |
අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් සංඛ්‍යාව |
|
ජාතික පාසල් |
37,907 |
1,058 |
174 |
|
පළාත් පාසල් |
192,007 |
7,851 |
43 |
|
එකතුව |
229,914 |
8,909 |
217 |
ඉහත වගුවේ "ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සංඛ්‍යාව"ට දැනට පත්වීම් ලබා දෙමින් යන පිරිස හැටියට තවත් 4,672ක් එකතු විය යුතුයි.
(ii) ගණිතය, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි, සෞන්දර්ය, ක්‍රීඩා සහ ප්‍රාථමික අධ්‍යාපනය යන එක් එක් විෂය සඳහා සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව සහ මේ වන විට සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන් වෙන් වශයෙන් පළාත් පාසල්වල ඇමුණුම 01 මඟිනුත්, ජාතික පාසල්වල ඇමුණුම 02 මඟිනුත් ඉදිරිපත් කර ඇත.
(iii) පළාත් පාසල්වල විදුහල්පති තනතුරේ පවතින පුප්පාඩු සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03 මඟින්ද, ජාතික පාසල්වල විදුහල්පති තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 04 මඟින්ද දක්වා ඇත.
(iv) පළාත් පාසල්වල වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 05 මඟින්ද, ජාතික පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් ලෙස සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 06 මඟින්ද දක්වා ඇත.
(ආ) වැඩිම ගුරු හිඟය පවතින අධ්‍යාපන කොට්ඨාස විස්සේ නම් ඇමුණුම 07 මඟින්ද, වැඩිම ගුරු අතිරික්තය පවතින අධ්‍යාපන කොට්ඨාස විස්සේ නම් ඇමුණුම 08 මඟින්ද, වැඩිම විදුහල්පති හිඟය පවතින අධ්‍යාපන කොට්ඨාස විස්සේ නම් ඇමුණුම 09 මඟින්ද වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර, රජයේ පාසල්වල විදුහල්පති තනතුරේ අතිරික්ත නොපවතී.
ඇමුණුම් 01 සිට 09 දක්වා සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks