01

E   |     |  

 දිනය: 2024-03-22   පිළිතුර ලබා දී ඇත 

0357/2024: වාර්තා නොකළ සහ අධිකරණයේ විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු: විස්තර

357/2024

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,—  කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල විභාග වන ළමා අපචාරවලට අදාළ නඩු සංඛ්‍යාව;

  (ii)       එම සංඛ්‍යාව, නඩු විභාගය ආරම්භ කර වර්ෂ 2, 4, 6, 8 සහ 10 යන කාල වර්ගීකරණය මත පදනම්ව එක් එක් දිස්ත්‍රික්කය අනුව;

(iii) වර්ෂ 2020 සිට මේ දක්වා අධිකරණ කටයුතු වලට යොමු වී නොමැති නමුත් ශ්‍රී ලංකා පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කර ඇති ළමා අපචාර පැමිණිලි සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව;

(iv) වර්ෂ 2018 සිට 2022 දක්වා සිදු වී ඇති ළමා අපචාර හේතුවෙන් ලිංගික හිංසනයට ලක් වී ඇති දරුවන් සංඛ්‍යාව ස්ත්‍රී හා පුරුෂ සමාජභාවය අනුව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 

(ආ) (i) පොලිසියට හෝ අධිකාරියට වාර්තා නොවන ළමා අපචාර සම්බන්ධයෙන් දත්ත තිබේද;

(ii) එසේ නම්, එම ළමා අපචාර සංඛ්‍යාව වාර්ෂිකව කොපමණද;

(iii) පසුගිය වර්ෂ දෙක තුළ ළමා අපචාර ක්‍රමිකව වර්ධනය වී ඇති බව පිළිගන්නේද;

(iv) එසේ නම්, ඊට හේතු කවරේද;

(v) ළමා අපචාර සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය වළක්වා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-22

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      (2023.07.31 දක්වා)

1.  මහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව    -   7,495

2.  මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව - 12,580

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉල්ලීම මත ලබා දෙන ලද මේ සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාව ඇමුණුම 01හි**                සඳහන් වේ.

(ii) දිස්ත්‍රික් අනුව කාල වර්ගීකරණය මත පදනම්ව නඩු සංඛ්‍යා දත්ත පවත්වාගෙන නොමැත.

(iii)

අංකය

දිස්ත්‍රික්කය

2020

2021

2022

2023

2024.04.30 දිනට

1

කොළඹ

1,134

2,175

1,708

1,174

293

2

ගම්පහ

944

1,088

1,027

907

242

3

කළුතර

467

658

585

548

153

4

මහනුවර

363

461

458

424

116

5

මාතලේ

136

240

239

193

54

6

නුවරඑළිය

160

199

195

184

52

7

ගාල්ල

454

624

703

541

184

8

මාතර

301

416

388

315

103

9

හම්බන්තොට

366

392

395

393

83

10

යාපනය

174

196

166

138

26

11

මන්නාරම

67

89

56

50

15

12

වවුනියාව

92

119

81

65

25

13

මුලතිව්

118

133

104

81

14

14

කිලිනොච්චිය

119

115

87

52

13

15

මඩකලපුව

159

180

160

178

30

16

අම්පාර

192

230

234

237

68

17

ත්‍රිකුණාමලය

120

173

156

133

50

18

කුරුණෑගල

627

789

791

760

202

19

පුත්තලම

368

463

435

396

111

20

අනුරාධපුරය

404

563

597

522

164

21

පොළොන්නරුව

223

268

263

283

71

22

බදුල්ල

243

250

277

246

73

23

මොනරාගල

226

285

284

291

96

24

රත්නපුර

454

693

652

598

167

25

කෑගල්ල

254

388

344

293

82

26

හඳුනා නොගත්

-

 

112

434

264

 

මුළු එකතුව

8,165

11,187

10,497

9,436

2,751

(iv) ලිංගික හිංසන යනුවෙන් සලකනු ලබන්නේ පහත සඳහන් වැරදි වේ.

  • දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය - ලිංගික අතවර
  • දණ්ඩ නීති සංග්‍රහයේ 360B වගන්තිය- ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම
  • දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය -ස්ත්‍රී දූෂණය
  • දණ්ඩ නීති සංග්‍රහයේ 364A වගන්තිය- ව්‍යාභිචාරය
  • දණ්ඩ නීති සංග්‍රහයේ 365B වගන්තිය - බරපතළ ලිංගික අපයෝජන

වර්ෂය

2018

2019

2020

2021

2022

2023

2024.04.30 දිනට

ස්ත්‍රී/පුරුෂභාවය

ස්ත්‍රී

පුරුෂ

ස්ත්‍රී

පුරුෂ

ස්ත්‍රී

පුරුෂ

ස්ත්‍රී

පුරුෂ

ස්ත්‍රී

පුරුෂ

ස්ත්‍රී

පුරුෂ

ස්ත්‍රී

පුරුෂ

ලිංගික හිංසන සංඛ්‍යාව

1,256

255

1,024

229

963

241

875

165

907

216

1,185

427

377

161

මේ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාව ඇමුණුම 02 යටතේ දක්වා ඇත.

 

(ආ) (i) දත්ත නොමැත.

(ii) දත්ත නොමැත.

(iii) නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වූ මුළු ළමා අපයෝජන (**) පැමිණිලි සංඛ්‍යාව

 

වර්ෂය

2021

2022

2023

2024.04.30 දිනට

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද මුළු ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව

11,187

10,497

9,436

2,751

 (**) ළමා අපයෝජන ලෙස සලකනු ලබන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 40වන වගන්තිය යටතේ විස්තර කර ඇති වැරදි වේ.

 

(a) දණ්ඩ නීති සංග්‍රහයේ 286(අ)

288, 288(අ), 288(ආ)

308(අ)

360(අ), 360(ආ), 360(ඇ)

363

364(අ)

365, 365(අ) හෝ 365(ආ)

වගන්තිවල කවර හෝ විධිවිධානයක්

(b) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ නියුක්ත කිරීමේ පනතේ කවර හෝ විධිවිධානයක්

(c) ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පන‍තේ කවර හෝ විධිවිධානයක්

(d) අධ්‍යාපන ආඥා පනත යටතේ සාදන ලද අනිවාර්ය අධ්‍යාපනයට අදාළ නියෝගවල කවර හෝ විධිවිධානයක් උල්ලංඝනය කිරීමක්

 

(iv) අදාළ නැත.

 

(v) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත සිදු කරන ලද ඉල්ලීම අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2021.06.28 දින නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 446 ප්‍රකාරව ළමා අපයෝජන නඩු විභාග කිරීම කඩිනම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සිදු කෙරේ.

 

මේ සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාව ඇමුණුම 03හි** සඳහන් වේ.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks