01

E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

0356/2024: රජයේ පාසල්වල විෂය ධාරා සහ භාෂා මාධ්‍ය: විස්තර

356/2024

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)       ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව, සිංහල මාධ්‍ය, දමිළ මාධ්‍ය සහ සිංහල හා දමිළ මාධ්‍ය ලෙස;

             (ii)       එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, 10ට අඩු,  10-20 අතර, 20-50 අතර, 50-100 අතර සහ 100-200 අතර යන වර්ගීකරණය මත;

(iii) රජයේ පාසල් අතරින් අ.පො.ස. (උසස් පෙළ) සඳහා ගණිතය, විද්‍යාව සහ තාක්ෂණවේදය විෂය ධාරාවන් උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව;

(iv) අ.‍පො.ස (සා.පෙළ) සහ අ.‍පො.ස (උ.පෙළ) විෂය ධාරාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන රජයේ පාසල් සංඛ්‍යාව;

එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව, සිංහල මාධ්‍ය, දමිළ මාධ්‍ය සහ සිංහල හා දමිළ මාධ්‍ය ලෙස ඇමුණුම 01**  මඟින් දක්වා ඇත.

              (ii)      එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 10ට අඩු, 10-20 අතර, 20-50 අතර, 50-100 අතර සහ 100-200 අතර යන වර්ගීකරණය මත ඇමුණුම 02**  මඟින් දක්වා ඇත.

              (iii)      රජයේ පාසල් අතරින් අ.පො.ස. (උසස් පෙළ) සඳහා ගණිතය, විද්‍යාව සහ තාක්ෂණවේදය විෂය ධාරා  උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව ඇමුණුම 03** මඟින් දක්වා ඇත.

(iv) අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) විෂය ධාරා  ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන රජයේ පාසල් සංඛ්‍යාව ඇමුණුම 04**  මඟින් දක්වා ඇත.

(ආ) අදාළ ‍නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks