පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
354/2024
ගරු ගෙවිඳු කුමාරතුංග මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2022 දෙසැම්බර් 31 දිනට —
(i) සිය අරමුදල් ආයෝජනය කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදල උපයා ඇති මුළු මුදල;
(ii) අරමුදලේ මුළු තැන්පතුවල වටිනාකම;
(iii) අරමුදල් ආයෝජනය කිරීමෙන් උපයන ලද මුළු මුදල, අරමුදලේ මුළු තැන්පතුවල වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2022 දෙසැම්බර් 31 දිනට —
(i) සේවක අර්ථසාධක අරමුදලේ දායකයන් සංඛ්‍යාව;
(ii) සක්‍රීය දායකයන් සංඛ්‍යාව;
(iii) ඉහත සක්‍රීය දායකයන්ගේ ගිණුම් ශේෂයන්හි මුළු වටිනාකම;
(iv) අරමුදල් ආයෝජනය කිරීමෙන් උපයන ලද මුළු මුදල, සක්‍රීය දායකයන්ගේ ගිණුම් ශේෂයන්හි මුළු වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-05
අසන ලද්දේ
ගරු ගෙවිඳු කුමාරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) රුපියල් බිලියන 315.91යි.
(ii) රුපියල් බිලියන 3,466.54යි.
(iii) සියයට 9.11යි.
(ආ) (i) කම්කරු දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියට අනුව සාමාජිකයින් ඔවුන් සේවය කරන සෑම සේවායෝජකයා යටතේම ලියාපදිංචි කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් බහුතරයකට සාමාජික ගිණුම් එකකට වඩා සේවක අර්ථසාධක අරමුදල සමඟ පවතී. තවද, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් නොවන ගිණුම් රැසක් ද පවතී. ඒ අනුව දායකයන් සංඛ්‍යාව ලබා දීමට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් 2022.12.31 දිනට සේවක අර්ථසාධක අරමුදල සමඟ ඇති සමස්ත සාමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 20.99කි.
(ii) ශේෂයන් සහිත සියලු ම සාමාජික ගිණුම් ක්‍රියාකාරී සාමාජික ගිණුම් ලෙස සලකනු ලබන අතර, වාර්ෂික පොලිය එම ගිණුම් සියල්ලටම බැර කෙරේ. කෙසේ වුවද, 2022 වර්ෂයේදී සාමාජික ගිණුම් මිලියන 2.67ක් සඳහා සාමාජික දායකත්ව මුදල් ලැබී ඇත.
(iii) 2022 වසර සඳහා පොලිය බැර කිරීමට පෙර සමස්ත සාමාජික ගිණුම් ශේෂවල වටිනාකම රුපියල් බිලියන 3,103.08කි.
(iv) 2022 වර්ෂයේ ලැබූ ආයෝජන ආදායම, එම වර්ෂය සඳහා පොලිය බැර කිරීමට පෙර 2022 අවසානයේ සාමාජික ශේෂයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10.18කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks