පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
311/2024
ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර, කුරුවිට, බෝපත් ඇල්ල නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අයකරන්නේද;
(ii) එසේ නම්, එම මුදල් අයකර ගනු ලබන ආයතනය කවරේද;
(iii) ඒ තුළින් එම ආයතනය උපයනු ලබන වාර්ෂික ආදායම කොපමණද;
(iv) එම ආදායම යොදා ගනිමින් බෝපත් ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේද;
(v) බෝපත් ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන දේශීය ළමා සංචාරකයකුගෙන් හා විදේශීය ළමා සංචාරකයෙකුගෙන් අයකරනු ලබන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.
(අ) (i) ඔව්.
(ii) කුරුවිට ප්‍රාදේශීය සභාව
(iii) බෝපත් ඇල්ල රථගාල සඳහා වාර්ෂික ආදායම (2023 වර්ෂය) - රුපියල් 538,100.00
බෝපත් ඇල්ල ප්‍රවේශ පත්‍ර වාර්ෂික ආදායම (2023 වර්ෂය) - රුපියල් 4,640,460.00
2023 වර්ෂයේ සම්පූර්ණ ආදායම - රුපියල් 5,178,560.00
(iv) ඔව්.
බෝපත් ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පානීය ජල පහසුකම් සැපයීමට ළිඳක් ඉදිකිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස යොදවන පොලිස් නිලධාරින්ගේ මුර කුටිය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 660,000ක් සභාව විසින් වැය කර ඇති අතර, එම ස්ථානයේ සේවය සඳහා යොදවා ඇති එක් දෛනික කම්කරු වැටුපක් ගෙවීමට දිනකට රුපියල් 1,200 බැගින් 2022 සහ 2023 වර්ෂවල රුපියල් 796,238ක මුදලක් මෙම ආයතනය වැය කර ඇත. මීට අමතරව පළාත් සංචාරක අමාත්‍යාංශය මඟින් වැසිකිළි පද්ධතියක් සහ ඇඳුම් මාරු කරන ස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25.29ක මුදලක්ද 2022 සහ 2023 වර්ෂවල වැය කර ඇත.
එසේම 2024 වර්ෂයේ පළාත් පාලන බල ප්‍රදේශවල සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් බෝපත් ඇල්ල පොදු රථගාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9.6ක මුදලක් වෙන් කර ඇත.
(v) දේශීය ළමා සංචාරකයෙකුගෙන් අය කරන මුදල - රුපියල් 20.00
විදේශීය ළමා සංචාරකයෙකුගෙන් අය කරන මුදල - රුපියල් 300.00
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks