පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
310/2024
ගරු හේෂා විතානගේ මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මකව පවතින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් රජයේ ලියාපදිංචි වී ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) රජයේ ලියාපදිංචියකින් තොරව පෙර පාසල් පවත්වාගෙන යා හැකිද;
(iv) පෙර පාසල් අධික්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් තිබේද;
(v) පෙර පාසලක් පවත්වාගෙන යාම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-19
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 18,801යි. (2023.12.31 දිනට)
(ii) 171,052ක් පමණි.
(iii) නොහැකිය.
(iv) දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය, කළමනාකරණය හා අධීක්ෂණය පිළිබඳ බලය පැවරී ඇත්තේ පළාත් සභා වෙතය. ඒ අනුව ඒ ඒ පළාත් සභාවට අදාළව ප්‍රඥප්ති අනුමත කරවාගෙන පිහිටුවා ගන්නා ලද පෙර පාසල් අධිකාරි/ඒකක මඟින් අධීක්ෂණය සිදු කරනු ලබයි.
(v) මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මඟින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වා දී ඇත. එහි පිටපතක් මම සභාගත* කරමි.
මෙම ප්‍රමිති පදනම් කරගෙන පළාත් මට්ටමින් ද, එ් ඒ පළාතේ භෞතික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි ප්‍රමිතීන් සකස් කර ඇත. එම අවම ප්‍රමිතීන් පෙර පාසලක් පවත්වාගෙන යෑමට අදාළව සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම් වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks