01

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0309/2024: 2020.08.20 දින සිට ගරු කථානායකවරයා සහභාගි වූ නිල විදේශ සංචාර: විස්තර

309/2024

ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රටේ සුභසිද්ධිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා සහ අධ්‍යාපන වැඩසටහන් සඳහා 2020.08.20 සිට අද දක්වා නවවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහභාගි වූ නිල විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් විදේශ සංචාරය සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්  හා නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iii) ඉහත විදේශ සංචාරවලින් අත්පත් කර ගනු ලැබූ ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)            (i)      නිල විදේශ සංචාර සංඛ්‍යාව 14යි.

               (ii)      එම එක් එක් විදේශ සංචාරය සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සහ නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන්  ඇමුණුම 01හි** දක්වා ඇත.

                (iii)      එම විදේශ සංචාරවලින් අත්පත් කරගනු ලැබූ ප්‍රතිලාභ පිළිබඳ විස්තර ඇමුණුම 02හි** දක්වා ඇත.

(ආ)       අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks