01

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0041/2024: තල්දූවේ සෝමාරාම හිමි: මරණ සහතිකය

41/2024

ගරු බුද්ධික පතිරණ මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      1948.02.04 දිනෙන් පසුව මරණ දඬුවම නියම කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ එල්ලා මරණයට පත් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එල්ලා මරණයට පත් කරන පුද්ගලයින්ගේ මරණ සහතික ඥාතීන් වෙත ලබා දීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, ඒ සඳහා ගත වන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) හිටපු අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ තල්දූවේ සෝමාරාම හිමියන්ගේ මරණ සහතිකය මෙතෙක් නිකුත් කර නොමැති බවත්;

(ii) 1962.07.06 දින තල්දූවේ සෝමරාම හිමි එල්ලා මැරූ බවට සඳහන් වුවද එදිනට එම නමින් මරණයක් ලියාපදිංචි වී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) තල්දූවේ සෝමරාම හිමියන්ගේ මරණ සහතිකය නිකුත් නොකිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කර තිබේද;

(ii) එසේ නම්, එහි නිගමනය කවරේද;

(iii) නොඑසේ නම්, පරීක්ෂණයක් සිදු කරන්නේද;

(iv) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ මරණ සහතික නිකුත් නොකළ තවත් පුද්ගලයන් සිටීද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      1959 සිට 1975 දක්වා කාලය තුළ බෝගම්බර බන්ධනාගාරය තුළ 31 දෙනෙකු එල්ලා මරණයට පත් කර ඇති බවට ලේඛනවල සඳහන් වී ඇති බවට, දුම්බර බන්ධනාගාර අධිකාරි විසින් වාර්තා කර ඇත.

                        බන්ධනාගාර සංඛ්‍යාලේඛන අංශයේ දත්ත වාර්තාවල සඳහන් වන පරිදි 1969 සිට 1976 දක්වා එල්ලා මරණයට පත් කර ඇති සංඛ්‍යාව පහත පරිදි සඳහන් වේ.

වර්ෂය

එල්ලා මරණයට පත් කරන සංඛ්‍යාව

1969

1

1970

-

1971

6

1972

6

1974

 24

1975

4

1976

1

එකතුව

                        42

 

 

 

 

 

 

 

 

 

(ii) 1976න් පසු මරණ දඬුවමක් සිදු කර නොමැත. මරණ සහතික නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉතා දිගු කාලයක් ගතව ඇති හෙයින් ලේඛන සොයාගත නොහැක.

(iii) මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බැවින් පැන නොනඟී.

(ආ) (i) නොදනී.

අදාළ තොරතුරු සොයාගත නොහැක.

(ii) නොදනී.

අදාළ තොරතුරු සොයාගත නොහැක.

(ඇ) (i) පරීක්ෂණයක් සිදු කිරීමට ඉල්ලීමක් කර නැත.

(ii) අවශ්‍ය වුවහොත් පරීක්ෂණයක් කළ හැකිය.

(iii) ඉල්ලා සිටියහොත් සිදු කළ හැකිය.

(iv) 1976 වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත. වසර 46ක කාලය තුළ කිසිවෙකුත් එවැනි පරීක්ෂණ ඉල්ලා නොමැත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks