පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-08
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කය තුළ 2024.07.30 දින වනවිට බලාත්මකව පවතින කළුගල් කැණීම් බලපත්‍ර සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාර්යාංශයේ පරිගණකගත දත්ත පද්ධතිය (මහනුවර ප්‍රාදේශීය කාර්යාලය) මඟින් ලබා ගන්නා ලද විස්තරය පහත දක්වා ඇත.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
වලංගු බලපත්‍ර සංඛ්‍යාව |
|
තුම්පනේ |
3 |
|
පාතහේවාහැට |
8 |
|
අකුරණ |
2 |
|
යටිනුවර |
6 |
|
පාතදුම්බර |
4 |
|
උඩුනුවර |
8 |
|
පූජාපිටිය |
3 |
|
හාරිස්පත්තුව |
8 |
|
කුණ්ඩසාලේ |
8 |
|
දොළුව |
1 |
|
හතරලියද්ද |
2 |
|
මැදදුම්බර |
1 |
|
දෙල්තොට |
1 |
|
උඩපළාත |
1 |
|
පස්බාගකෝරළය |
1 |
|
එකතුව |
57 |
(ii) කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පැවති කළුගල් වැඩපළවල් සඳහා අදාළ ආයතන හෝ පුද්ගලයන් මඟින් ඇතැම් අවස්ථාවන්වල මහනුවර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිලි වාර්තා වී ඇත.
(iii) අදාළ පැමිණිලිවල ස්වභාවය අනුව බලපත්‍රවලට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම, පිපිරුම් පරීක්ෂණ සිදු කිරීම කාර්යාංශයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය මඟින් සිදු කර ඇත. තවද, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුව කැණීම් කටයුතු සිදු කරන්නේ ද නැද්ද යන්න, එම ආයතන මඟින් තහවුරු කර ගැනීම සහ ඒ අනුව කොන්දේසි සංශෝධනය කිරීම හා අදාළ උපදෙස් ලබා දීම සිදු කර ඇත.
(ආ) (i) කාර්යාංශය මඟින් කළුගල් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසර නිර්දේශ, ප්‍රාදේශීය ලේකම් නිර්දේශ, පුරාවිද්‍යා නිර්දේශ, නාගරික සංවර්ධන අධිකාරියේ නිර්දේශ හා කැණීම් ඉංජිනේරු නිර්දේශ අනුව කැණීම් බලපත්‍ර නිකුත් කරනු ලබන අතර, පාරිසරික ගැටලු, දේපළ හානි හා ජීවිත හානි අවදානම් තත්ත්වයන් වාර්තා වන්නේ නම්, කැණීම් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීම/ අවලංගු කිරීම 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව කාර්යාංශය මඟින් සිදු කරනු ලබයි.
(ii) කැණීම් ඉංජිනේරුවරුන්/ ක්ෂේත්‍ර නිලධාරින් විසින් සිදු කරනු ලබන ක්ෂේත්‍ර පරීක්ෂණවලදී ප්‍රමිතියෙන් තොරව කැණීම් සිදු කරන ස්ථාන හඳුනාගත් අවස්ථාවන්හිදී ඔවුන්ට අවවාද කිරීම, උපදෙස් ලබා දීම, හදිසි වැටලීම් සිදු කිරීම, බලපත්‍ර අහෝසි කිරීම සහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සිදු කරනු ලබයි.
(iii) කළුගල් ව්‍යාපෘති හිමිකරුවන් හා සේවකයන්හට ක්ෂේත්‍ර පරීක්ෂාවේදී ආරක්ෂාකාරී තත්ත්වයන් යටතේ කැණීම්, පිපිරුම් කටයුතු හා ප්‍රවාහනය සිදු කරන ලෙස උපදෙස් ලබා දීම සිදු කර ඇත. තවද, අනෙකුත් අදාළ ආයතනවල නිර්දේශයන්හි කොන්දේසිවලට අනුකූලව කටයුතු සිදු කරන්නේ ද නැද්ද යන්න පසු විපරම් කිරීම කළ යුතු බවට එම ආයතන ද දැනුවත් කිරීම සිදු කරනු ලබයි. මේ වනවිට ආර්ථික අර්බුදය හමුවේ සක්‍රිය තත්ත්වයේ පවතින කළුගල් ව්‍යාපෘති සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව හඳුනාගෙන ඇත.
එසේ වුවද, සක්‍රිය තත්ත්වයේ පවතින කළුගල් ව්‍යාපෘතිවලින් සිදු විය හැකි පාරිසරික ගැටලු, දේපළ හා ජීවිත හානි අවදානම් තත්ත්වයන්වලින් තොරව ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැණීම් භූමි ආවරණය වන පරිදි පැළ සිටුවීම හා ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් භූමිය අවට නිරාවරණයවීම අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහනුවර ප්‍රාදේශීය කාර්යාලය මඟින් කටයුතු කරමින් ඇත.
(ඇ) පිළිතුර (අ) (iii) මඟින් ඉදිරිපත් කර ඇත.
පිළිතුරු දුන් දිනය
2024-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks