පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2/2024
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර ජාතික රෝහලට අයත් ඉඩම් අනවසර පදිංචිකරුවන් විසින් අත්පත් කර ගෙන ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් එම රෝහලට අයිති ඉඩම්වලින් අඩකට වඩා අහිමි වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ අත්පත් කර ගෙන ඇති ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) එම පවුල් සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(iv) අනවසර පදිංචිකරුවන් වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම සඳහා මේ වනවිට සැලසුම් කර තිබේද;
(v) එසේ නම්, එම සැලැස්ම කවරේද;
(vi) අදාළ ආයතන සහ බලධාරීන් විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-19
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 1989.01.30 දිනැති රජයේ මිනින්දෝරු විසින් සකසන ලද 3405 පිඹුරට අනුව සම්පූර්ණ ඉඩම අක්කර 58.4කි. ඉන් අක්කර 25ක පමණ අනවසර පදිංචිකරුවන් ඇත.
(ආ) (i) අක්කර 25ක් පමණ.
(ii) පවුල් 201ක් පමණ.
(iii) ඔව්.
මහනුවර අධිකරණයේ නඩු කටයුතු සිදු කෙරේ.
(iv) ඔව්.
(v) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතුයායේ ක්ෂේත්‍ර අංක 09 B කොටසින් අක්කර 1 1/2ක භූමි ප්‍රමාණයක් පර්චස් 07 බැගින් අනවසර පදිංචිකරුවන් අතරින් එකඟතාව පළ කරනු ලබන කොටසකට බෙදා දීමට සැලසුම් කරමින් පවතී.
(vi) ඔව්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks