පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2412/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012.02.11 දින හෝ ආසන්න දිනක සිදුකළ ඉන්ධන මිල වැඩි කිරීමට අනුව මිල වැඩිවූ එක් එක් ඉන්ධන වර්ගය හා ඒවා වැඩිකළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම මිල ගණන් වැඩිකිරීමට හේතු කවරේද;
(iii) එකී මිල ගණන් වැඩිකිරීම අනුමත කළ බලධාරියා කවුරුන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත ඉන්ධන මිල වැඩි කිරීම පසුගිය කාලයේ දී සිදුවූ හෙජින් ගනුදෙනුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීම සඳහා සිදුකරනු ලැබුවේද;
(ii) නොඑසේ නම්, එම මිල වැඩිකිරීමෙන් ඉටු කර ගැනීමට අපේක්ෂිත කරුණු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මහජනයාට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල වැඩි කිරීම තුළින් ඉන්ධන මත රඳා පවතින සමස්ත ආර්ථිකයටම හානි සිදු නොවන්නේද;
(ii) එම ඉන්ධන මිල වැඩි කිරීම සංශෝධනය කර පාරිභෝගිකයින්ට සහනයක් ලැබෙන ආකාරයට මිල අඩු කිරීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-07
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමා)
(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - பெற்றோலியக் கைத்தொழில்கள் அமைச்சர்)
(The Hon. A.D. Susil Premajayantha - Minister of Petroleum Industries)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i)
|
ඛනිජ තෙල් නිෂ්පාදන වර්ගය |
ලීටර් එකක මිල (රුපියල්) |
|
පෙට්‍රල් 90 ඔක්ටේන් |
149.00 |
|
පෙට්‍රල් 95 ඔක්ටේන් |
167.00 |
|
ගෘහස්ත භූමිතෙල් |
106.00 |
|
කාර්මික භූමිතෙල් |
111.00 |
|
ලංකා සුපිරි ඩීසල් |
142.00 |
|
ලංකා ඔටෝ ඩීසල් |
115.00 |
|
දැවි තෙල් 800' |
92.20 |
|
දැවි තෙල් 1500' |
90.00 |
|
දැවි තෙල් 3500' |
90.00 |
(ii) ආනයනික හා පිරිපහදු කළ ඛනිජ තෙල්වල දේශීය සිල්ලර මිල ගණන් ආනයන මිලට වඩා ඉතා පහළ මට්ටමක පැවැතීම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ සංස්ථාව ඉතා විශාල පාඩුවක් ලබයි. පිරිවැය පිළිබිඹු වන පරිදි දේශීය සිල්ලර මිල ගණන් නිර්ණය නොවීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවයි.
(iii) පවතින ව්‍යවස්ථාපිත නියමයන්ට අනුව ගරු ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර කාලීන වශයෙන් දේශීය වෙළෙඳ පොළ ඛනිජ තෙල්වල මිල ගණන් නිර්ණය කරනු ලබයි.
(ආ) (i) නැත.
(ii) ආනයනික මිල සමඟ ගලපා ගැනීම සඳහාය.
(ඇ) (i) ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. කෙසේ වෙතත් දේශීය වෙළෙඳ පොළේ ඉහළ යන ඛනිජ තෙල් නිෂ්පාදනවල සිල්ලර මිල ගණන් තුළ ජාත්‍යන්තර මිල ගණන් පිළිබිඹු වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වුවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආනයනික සහ පෙරසැරි පිරිවැයට වඩා අඩු අගයකට ඛනිජ තෙල් නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළේ විකිණීම අඛණ්ඩව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවකි. එසේම විදුලිබල ජනනය සඳහා ලබා දෙන ඉන්ධන සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට ලබා දෙන ඉන්ධන ඉතා සහනාධාර මිලක් යටතේ ලබා දීම මෙම පාඩුව කෙරෙහි සෘජුවම බලපා තිබේ. එබැවින්, මෙම මිල සංශෝධනයන් සාර්ව ආර්ථිකය කෙරෙහි ඇති කරනු ලබන අහිතකර බලපෑම් අවම කර ගැනීමේ අරමුණින් සිදු කරන ලද්දකි. අඛණ්ඩව පාඩු ලැබීම හේතුවෙන් සංස්ථාවේ දායක ප්‍රාග්ධනය සහ සංචිතයන් දියවී ගොස් ඇති අතර, බැංකුවලින් ලබා ගත් ණය කාරක ප්‍රාග්ධනය මත සංස්ථාව පවත්වා ගෙන යනු ලබයි.
(ii) ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමේදී එය මහජනතාවට දැරිය හැකි ද යන්න පිළිබඳව සලකා බලයි. ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල පහළ යන විට සලකා බැලිය හැක.
(iii) දිනයක් නිශ්චිතව කිව නොහැක. ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්වල මිල උච්චාවචනය අනුව මිල තීරණය වේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks