04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

3774/2024: Removal of salary anomalies of Management service officer's service

3774/2023

ගරු (මහාචාර්ය) චරිත ‍හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කළමනාකරණ සේවා නිලධාරි සේවය සඳහා පෙර පැවති සුවිශේෂි කාර්ය සාධනය හෙවත් උසස්වීමේ විභාග ක්‍රමය නැවත ඇති කිරීම සඳහා අංක 22/0086/315/003 හා 2021.01.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමතිය ලබා දී ඇති බව දන්නේද;

(ii) එසේ නම්, ඒ අනුව උසස්වීමේ විභාග ක්‍රමය නැවත බලාත්මක කරනු ලබන දිනය කවරේද;

(iii) ඒ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය කවරේද;

(iv) කළමනාකරණ සේවා නිලධාරි සේවයේ පවතින වැටුප් විෂමතාවය ඉවත් කර, එම සේවයේ නිලධාරින්ට MN 3 වැටුප් තලය ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රගතිය කවරේද;

(v) ඉහත සේවයේ මේ වනවිට සේවය කරනු ලබන උපාධිධාරි නිලධාරින් සඳහා ලබා දෙන විසඳුම කවරේද

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පොලිස් නිලධාරින්ට ගෙවනු ලබන මූලික වැටුපෙන් 40%ක දීමනාව, ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන සිවිල් කාර්ය මණ්ඩලය සඳහාද ගෙවීමට පොලිස්පතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව දන්නේද;

(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-23

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks