01

E   |     |  

 දිනය: 2024-01-12   පිළිතුර ලබා දී ඇත 

3753/2024: දේශීය හා ඉන්දියානු ඖෂධ සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයින්: ගෙවිය යුතු හිඟ මුදල්

3753/2023

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන එක් එක් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම්කරුවන් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල, දින 60කට වඩා වැඩි, දින 90කට වඩා වැඩි, දින 120කට වඩා වැඩි, දින 180කට වඩා වැඩි සහ දින 360කට වඩා වැඩි යන කාල වර්ගීකරණය අනුව;

(ii) ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල, දින 60කට වඩා වැඩි, දින 90කට වඩා වැඩි, දින 120කට වඩා වැඩි සහ දින 180කට වඩා වැඩි යන කාල වර්ගීකරණය අනුව;

 වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉන්දියානු ණය ආධාර ඇණවුම් මත ඖෂධ සැපයූ සැපයුම්කරුවන් සඳහා ගෙවීමට ඇති  හිඟ මුදල;

(ii) 2023.01.01 දින සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයීම් අංශය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ සැපයුම්කරුවන් සහ ඖෂධ නිෂ්පාදකයන් සඳහා ගෙවා ඇති මුදල එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන්;

කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-12

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ මුදල් පිළිබඳ තොරතුරු ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

                        2023.11.30 දින වන විට ශ්‍රී ලංකා රාජ්‍ය                  ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලංකාවේ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල පහත පරිදි වේ.

(රු 000)

දින 60ට වැඩි

දින 90ට වැඩි

දින 120ට වැඩි

දින 180ට වැඩි

දින 360ට වැඩි

එකතුව

5,667,282

1,545,099

1,231,758

1,977,713

2,722,853

13,144,705

(ii) ඇමුණුම 02 මඟින් දක්වා ඇත. 

(ආ)   (i) ඉන්දියානු ණය ආධාර ඇණවුම් මත ඖෂධ සැපයූ සැපයුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ගෙවීමට ඇති හිඟ මුදල ඇමුණුම 03 මඟින් දක්වා ඇත.

(ii) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය මඟින් ඖෂධ සැපයුම්කරුවන් සහ ඖෂධ නිෂ්පාදකයන් සඳහා ගෙවා ඇති මුදල ඇමුණුම 04 මඟින් ද, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ගෙවා ඇති මුදල ඇමුණුම 05 මඟින් ද එක් එක් ආයතන අනුව වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.  ඇමුණුම් 01, 02, 03, 04  සභාගත* කරමි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-01-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks