04

E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

3729/2024: Appeal of Aswesuma application of Ms. Fathima Zahra

3729/2023

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට ,— 

(අ)         (i)       කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිව් බසාර් ග්‍රාම නිලධාරි වසමේ, කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් පාර, අංක 180/70 ජේ දරන ස්ථානයේ පදිංචි වී සිටින ෆාතිමා සහ්රා මහත්මිය වයස අවුරුදු 5ක ආබාධිත කුඩා දරුවෙකුද සිටින අඩු ආදායම්ලාභි‍යකු වන නමුත් ඇයට අස්වැසුම මාසික මූල්‍යාධාරය මේ දක්වා ලබා දී නොමැති බව දන්නේද;

(ii) එසේ නම්,  ලි.ප. අංක NH-1-1-03-01-070-00719 දරන ඉල්ලුම්පත්‍රයට අදාළ අස්වැසුම මූල්‍යාධාරය සහ්රා මහත්මියට කඩිනමින් ලබා දීමට පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks