04

E   |     |  

 දිනය: 2023-11-29   පිළිතුර ලබා දී ඇත 

3719/2023: Literacy rate of Sri Lanka

3719/2023

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය;

              (ii)       වාර්ෂිකව පාසල් හැර යන සිසුන් සංඛ්‍යාව එක් එක් ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන්;

            (iii)       පාසල් හැර යන සිසුන් සඳහා ඇති වෘත්තීය පුහුණු පාඨමාලා සංඛ්‍යාව;

(iv) වර්ෂ 2020 සිට 2022 දක්වා එම වෘත්තීය පුහුණු පාඨමාලා යටතේ පුහුණුව ලබා ඇති සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති කාර්මික විද්‍යාල සංඛ්‍යාව;

  (ii) ඒ අතරින් ක්‍රියාත්මකව පවතින කාර්මික විද්‍යාල සංඛ්‍යාව;

(iii) මේ වනවිට කාර්මික විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව;

කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-29

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks