01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

3672/2023: Removal of workers served on casual, substitude, contract and temporary basis in Ministry of Urban Development and Housing

3672/2023

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සේවය කරන ලද අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ තාවකාලික සේවකයන් වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුව සේවයෙන් ඉවත් කර තිබේද;

(ii) එසේ ඉවත් කර ඇති සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් එක් සේවකයාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඔවුන් ඉවත් කිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉවත් කරන ලද එම සේවකයන් නැවත සේවයට කැඳවන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

(iii) එම සේවකයන් සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-07

අසන ලද්දේ

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks