04

E   |     |  

 දිනය: 2023-12-09   පිළිතුර ලබා දී ඇත 

3665/2023: Construction of Magam Ruhunupura International Convention Centre

3665/2023

ගරු ලලිත් එල්ලාවල මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;

             (ii)       එම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා විදේශ පරිත්‍යාග ලැබුණේද;

(iii) එසේ නම්, එම එක් එක් විදේශ පරිත්‍යාගයේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;

(ii) නොඑසේ නම්, අදාළ ඉදිකිරීම් ආයතනය තෝරා ගන්නා ලද ක්‍රමවේදය කවරේද;

 

(iii) ඉදිකිරීම් විදේශ ආයතනයක් විසින් සිදු කරන ලද්දේ නම්, එහි ශ්‍රී ලාංකික නියෝජිතායතනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති රජයේ අරමුදල් ප්‍රමාණය කොපමණද;

(ii) එම අරමුදල් ලබා ගන්නා ලද ආයතන කවරේද;

  (iii) එම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය විවෘත කරන ලද දිනයේ සිට මේ දක්වා එහි ආදායම සහ වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-09

අසන ලද්දේ

ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks