04

E   |     |  

 දිනය: 2023-11-29   පිළිතුර ලබා දී ඇත 

3664/2023: Construction of Mattala international airport

3664/2023

ගරු ලලිත් එල්ලාවල මහතා,— වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල කොපමණද;

             (ii)       එම ගුවන් තොටුපළ ඉදිකිරීම් සඳහා විදේශ පරිත්‍යාග ලැබුණේද;

            (iii)       එසේ නම්, එම එක් එක් විදේශ පරිත්‍යාගයේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම ගුවන් තොටුපළ ඉදිකිරීම් සඳහා වැය කරන ලද රජයේ අරමුදල් ප්‍රමාණය කොපමණද;

(v) එම අරමුදල් ලබා ගන්නා ලද ආයතන කවරේද;

  (vi) එම ගුවන් තොටුපළේ මෙහෙයුම් ආරම්භ කරන ලද දිනයේ සිට මේ දක්වා එහි ආදායම සහ වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ගුවන් තොටුපළ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;

(ii) නොඑසේ නම්, ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා අදාළ ආයතනය තෝරා ගන්නා ලද ක්‍රමවේදය කවරේද;

(iii) ඉදිකිරීම් කටයුතු විදේශ ආයතනයක් විසින් සිදු කරන ලද්දේ නම්, එහි            ශ්‍රී ලාංකික නියෝජිතායතනය කවුරුන්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-29

අසන ලද්දේ

ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය, නාවික හා ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks