01

E   |     |  

 දිනය: 2023-11-29   පිළිතුර ලබා දී ඇත 

3648/2023: Completion of construction of Kovils in Badulla District

3648/2023

ගරු  වඩිවේල් සුරේෂ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       හින්දු ජනතාවගේ ආගමික කටයුතු සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ වතු සහ නගර ආශ්‍රිතව හින්දු කෝවිල් ඉදිකර ඇති බවත්;

              (ii)       වතු කම්කරුවන්ගේ මාසික වැටුපෙන් අයකර ගනු ලබන සාමාජික මුදල්වලින් හා මහජන නියෝජිතයන් විසින් ලබා දෙන ප්‍රතිපාදනවලින් වතු ආශ්‍රිත කෝවිල් ඉදිකර ඇති බවත්;

(iii) මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් වතු ආශ්‍රිතව ඉදිකර ඇති කෝවිල් බොහොමයක් අර්ධ වශයෙන් ඉදිකර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති කෝවිල් සංඛ්‍යාව කොපමණද;

(ii) වතු ආශ්‍රිතව ඉදිකර ඇති කෝවිල් සංවර්ධනය කිරීම සදහා පියවර ගන්නේද;

(iii) එසේනම්, එම කෝවිල් සංවර්ධනය/සංරක්ෂණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-29

අසන ලද්දේ

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks