01

E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

3647/2023: Conservation of ancient temples in Uva Province

3647/2023

ගරු  වඩිවේල් සුරේෂ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මුතියංගන රජමහා විහාරය, මහියංගන රජමහා විහාරය සහ කතරගම දේවාලය ඌව පළාත තුළ පිහිටා තිබෙන බවත්;

              (ii)       ආගමික හා සංස්කෘතික හැදියාවන් සහිත සමාජයක් බිහි කිරීම උදෙසා බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු ඌව පළාත තුළ රජමහා විහාරස්ථාන රාශියක් පිහිටුවා  ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති රජමහා විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) ඒවායේ නම් කවරේද;

(iii) පුරාවිද්‍යාව හා සම්බන්ධ පනත්වලට අනුකූලව එම රජමහා විහාරස්ථාන සංරක්ෂණය කරමින් පවතින්නේද;

(iv) පස්සර, බෝගොඩ, දෝව, මුතියංගන සහ මහියංගන රජමහා විහාර සහ අනෙකුත් රජමහා විහාර සංරක්ෂණය  කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) බෞද්ධ ජනතාවගේ ආගමික සංස්කෘතික වටපිටාවට අනුකූලව                    සහ ඓතිහාසික උරුමය සුරක්ෂිත වන පරිදි ඉහත සංරක්ෂණ කටයුතු කිරීමට පියවර ගෙන තිබේද;

(ii) මෙම ඓතිහාසික ආගමික උරුමයන් අනාගත පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා   සුරක්ෂිත කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks