පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3645/2023
ගරු වඩිවේල් සුරේෂ් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව මඟින් බදුල්ල නගරයේ සිට දෙමෝදර හරහා වේවැල්හින්න දක්වා; මඩොල්සිම-කුරුවිගොල්ල හරහා කොකාගල දක්වා; ලුණුගල හරහා පල්ලේකිරුව දක්වා; දෙමෝදර හරහා ඕතුඹ දක්වා; රොකතැන්න දක්වා සහ රොසට් දක්වා ධාවනය කරන ලද බස්රථ ඇතුළු වෙනත් අතුරු මාර්ග රැසක බස්රථ ධාවනය කිරීම මේ වනවිට සිදු නොකරන බවත්;
(ii) මේ හේතුවෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල පාසල් ළමුන් සහ විවිධ අවශ්‍යතා සඳහා බදුල්ල නගරයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් බස්රථ සේවාවන් නැවත ධාවනය කරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(ii) එම සේවාවන් නැවත ආරම්භ කරනු ලබන දින කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-07
අසන ලද්දේ
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සහ (ii) ඔව්.
(ආ) (i) බදුල්ල නගරයේ සිට දෙමෝදර හරහා වේවැල්හින්න දක්වා මාර්ගය:
බදුල්ල ඩිපෝව මඟින් මෙම මාර්ගයේ බස් රථයක් ධාවනය කර නොමැති නමුත්, බණ්ඩාරවෙල ඩිපෝව මඟින් බල්ලකෙටුව සිට දෙමෝදර හරහා වේවැල්හින්න දක්වා බස් රථයක් ධාවනය කරන ලදී. මේ වන විට එම බස් රථයේ අලුත්වැඩියාවන් සඳහා ලේලන්ඩ් සමාගමට යොමු කර ඇති අතර, අදාළ අලුත්වැඩියාවන්ගෙන් පසු නැවත අඛණ්ඩව ධාවනයට යොමු කෙරේ.
බදුල්ල නගරයේ සිට මඩොල්සිම-කුරුවිගොල්ල හරහා කොකාගල දක්වා මාර්ගය:
බදුල්ල ඩිපෝව මඟින් මඩොල්සිම-කුරුවිගොල්ල, කොකාගල හරහා පිටමාරුව දක්වා දෛනිකව බස් රථ තුනක් ධාවනයට යොදවා ඇත.
බදුල්ල නගරයේ සිට ලුණුගල හරහා පල්ලේකිරුව දක්වා මාර්ගය:
මෙම මාර්ගයේ බස් රථයක් ධාවනයට යොදවා නොමැති නමුත්, බදුල්ල සිට ලුණුගල හරහා පීස්ස දක්වා බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක් ධාවනයට යොදවා ඇත.
බදුල්ල නගරයේ සිට දෙමෝදර හරහා ඕතුඹ දක්වා මාර්ගය:
දැනට මෙම මාර්ගයේ බස් රථයක් ධාවනයට යොදවා නැත.
බදුල්ල නගරයේ සිට රොකතැන්න දක්වා සහ රොසට් දක්වා මාර්ගය:
දැනට මෙම මාර්ගයේ බස් රථයක් ධාවනය නොවන අතර ඉදිරියේදී "C" කාණ්ඩයේ බස් රථයක් ධාවනය කරවීමට පියවර ගනු ලැබේ.
(ii) අදාළ මාර්ගයන්හි ධාවනයට යොදවා තිබී දැනට අලුත්වැඩියා කරමින් පවතින බස් රථවල අලුත්වැඩියාවන් නිම වූ පසු නැවත ධාවනයට එක් කිරීමටත්, ශ්‍රී ලංගම සඳහා ගෙන්වීමට නියමිත නව බස් රථ ධාවනයට යෙදවූ පසු ඉහත මාර්ගවල සේවාවන්ට දෙයවීමටත් කටයුතු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks