E   |     |  

 දිනය: 2023-11-25   පිළිතුර ලබා දී ඇත 

3579/2023: ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ස්ථාපිත කිරීම: විස්තර

3579/2023

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් නලයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේද;

              (ii)       එසේ නම්, එම තීරණය ගැනීම සඳහා බලපාන ලද හේතු සාධක කවරේද;

            (iii)       එම තෙල් නලය ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;

  (iv) එම  තෙල් නලය ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඇති වන බලපෑම කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-25

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් නළයක් ස්ථාපිත කිරීමට මෙතෙක් තීරණය කර නොමැත. නමුත්, එසේ තෙල් නළයක් ස්ථාපිත කරන්නේ නම් ඒ පිළිබඳව තීරණය කිරීමට පෙර ව්‍යාපෘතියේ සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතුව ඇත. මෙහිදී එක් එක් විකල්ප සඳහා වෙන් කළ යුතු වෙළෙඳ පොළ ප්‍රතිශත, මූල්‍යමය, තාක්ෂණික, පාරිසරික සහ සමාජයීය සාධක ආදිය සලකා බැලිය යුතුව ඇත.

(ii) පැන නොනඟී.

(iii) පැන නොනඟී.

(iv) පැන නොනඟී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks