01

E   |     |  

 දිනය: 2023-08-22   පිළිතුර ලබා දී ඇත 

3397/2023: ගිනි අවි ලබා දුන් දේශපාලනඥයන්: විස්තර

3397/2023

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,—  ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 1980 සිට 1990 දක්වා ගිනි අවි ලබා දී ඇති එක් එක් දේශපාලඥයාගේ නම, ඔහුට/ඇයට ලබා දී ඇති ගිනි අවි සංඛ්‍යාව සහ ගිනි අවි ලබා දෙන ලද වර්ෂය;

            (ii)       වර්ෂ 1990 සිට 2023 ජුනි මාසය දක්වා ස්වයංක්‍රීය ගිනි අවි ලබා දී ඇති එක් එක් දේශපාලඥයාගේ නම,  ගිනි අවි ලබා දී ඇති වර්ෂය සහ ඔහු/ඇය මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ලැබූ/කරනු ලබන මහජන නියෝජිත ආයතනයේ නම;

(iii) ඉහත (i) සහ (ii)හි සඳහන් දේශපාලඥයන් අතරින් මේ වනවිට තම ධුරය නොදරන එහෙත් ලබා ගන්නා ලද ගිනි අවි ආපසු භාර දී නොමැති එක් එක් දේශපාලඥයාගේ නම සහ ගිනි අවි සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-22

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම I මඟින් දක්වා ඇත.

              (ii)      ස්වයංක්‍රීය ගිනි අවි ලබා දී නැත.

             (iii)      ඇමුණුම II මඟින් දක්වා ඇත.

           මෙම ගිනි අවි නිකුත් කළ හේතුව සොයා ගැනීමට ලේඛන නොමැති අතර, 1980-1990 කාල සීමාවේදී එකල රටේ පැවති වාතාවරණය මත දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කිරීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ.

           ඇමුණුම් I සහ II සභාගත* කරමි.‍

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks