පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3360/2023
ගරු ජයන්ත සමරවීර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අතුරල - උතුර ග්‍රාම නිලධාරි වසමේ ස්ථාපිත කර තිබූ අතුරල කනිෂ්ඨ විද්‍යාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලපාන ලද හේතුව කවරේද;
(ii) එම විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා අත්පත් කර ගන්නා ලද ඉඩමේ මුල් අයිතිකරුගේ නම, පිඹුරුපත් අංකය හා විශාලත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා භාවිතා කර තිබූ භූමි ප්‍රමාණය කොපමණද;
(iv) විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා එම ඉඩම අත්පත් කර ගන්නා ලද වර්ෂය කවරේද;
(v) මේ වනවිට ඉහත ඉඩම අයත් ආයතනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-12
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් මෙම පාසල ආපදාවට ලක් වීම හා මුහුදු සීමාවේ සිට මීටර් 100ක් ඇතුළත පිහිටා තිබීම.
(ii) ඉඩමේ මුල් අයිතිකරුගේ නම - කළුදේව දීඝාවතී විජේතිලක.
රජයට අත්පත් කරගන්නා අවස්ථාවේ හිමිකම් කියන්නා - අගම්පොඩි කුමුදු ද සිල්වා.
පිඹුරුපත් අංකය - මු.පි. අ ගා 3726
විශාලත්වය - හෙක්ටෙයාර 0.2363
(iii) එම විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා භාවිත කර තිබූ භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 0.5139 (සුනාමියට පෙර පාසල තිබූ භූමිය)
(iv) විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා එම ඉඩම අත්පත් කරගන්නා ලද වර්ෂය - 2005 (2005.08.11 දින)
(v) රජයේ ඉඩමකි. (අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භුක්තිය භාර දී ඇත.)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks