E   |     |  

 දිනය: 2023-09-06   පිළිතුර ලබා දී ඇත 

3355/2023: පුරාවිද්‍යා ස්ථාන: විස්තර

3355/2023

ගරු ජයන්ත සමරවීර මහතා,—  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු       අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       පුරාවිද්‍යා ප්‍රදේශයක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ප්‍රදේශ සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් පුරාවිද්‍යා ප්‍රදේශයේ නම, පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති පුරාවිද්‍යා ප්‍රදේශ සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් පුරාවිද්‍යා ප්‍රදේශයේ නම, එය පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පුරාවිද්‍යා ප්‍රදේශයක් ලෙස මේ වනතෙක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවිද්‍යා ප්‍රදේශ ගැසට් කිරීම සඳහා කාල රාමුවක් සකස් කර තිබේද;

(ii) එසේ නම්, එම කාල රාමුව කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-06

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු සිදු කරමින් සිටින පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව  45කි.

              (ii)      ඇමුණුම 01හි දැක්වේ. 

             (iii)      පුරාවිද්‍යා වෙන් කළ භූමි -136

             (iv)      ඇමුණුම  02හි දැක්වේ.

(ආ)         (i)      ඔව්.

              (ii)      ඔව්.

                        ඇමුණුම  03හි දැක්වේ. 

(ඇ)     අදාළ නොවේ.

ඇමුණුම් 01, 02, 03 සභාගත* කරමි.

පිළිතුරු දුන් දිනය

2023-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks