01

E   |     |  

 දිනය: 2023-09-21   පිළිතුර ලබා දී ඇත 

3351/2023: Vacancies of Doctors in Hospitals governed under Provincial councils

3351/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)           (i)     ශ්‍රී ලංකාවේ පළාත් සභා පාලනය යටතේ පවතින රජයේ රෝහල් හා සෞඛ්‍ය    මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      එම එක් එක් රෝහලේ හා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නම සහ පිහිටුවා ඇති  පළාත හා දිස්ත්‍රික්කය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම එක් එක් රෝහල් සිටිය යුතු හා මේ වනවිට සිටින වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත සඳහන් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වැඩිදුර අධ්‍යාපනය සඳහා 2015 වර්ෂයෙන් පසු විදේශ ගත වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණ තිබේද;

(ii) එසේ නම්, එම වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-21

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks