පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3338/2023
ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1980 ජූලි වැඩ වර්ජනයට සහභාගි වී රැකියා අහිමිවූවන්ට සහන සැලසීමේ වැඩ සටහන යටතේ 2015.12.31 දින දක්වා එක් වැඩවර්ජකයෙකුට ගෙවූ රු.6000.00ක් වූ මාසික දීමනාව වෙනුවට 2016 වර්ෂයේ අයවැය යෝජනා පරිදි එක් වරක් පමණක් ගෙවා අවසන් කරනු ලබන රු.250,000.00ක මුදලක් ලබා දීමට තීරණය කරන ලද බවත්;
(ii) ඒ අනුව, 2022 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වයස අවුරුදු 65 සම්පූර්ණ වූ වැඩවර්ජකයන්ට ඉහත මුදල නිසි පරිදි ගෙවා ඇති බවත්;
(iii) 2023 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වයස අවුරුදු 65 සම්පූර්ණ වූ කිසිදු වර්ජකයෙකුට එම මුදල ගෙවා නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත අ(iii)හි සඳහන් වැඩවර්ජකයන්ට එම මුදල නැවත ගෙවීම ආරම්භ කරනු ලබන දිනය කවරේද;
(ii) ඔවුන්ට ඉහත මුදල නොගෙවීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-06
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2016 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවක් අනුව ජූලි වර්ජකයන්ට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 250,000ක මුදලක් ලබා දීමට තීරණය කර තිබේ.
(ii) ජූලි වර්ජකයන් සඳහා වූ ගෙවීම නැවැත්වීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ජූලි වර්ජකයන්ගේ විස්තර නිසි පරිදි තහවුරු කර ගැනීමෙන් පසුව මෙම දීමනාව ගෙවීමට කටයුතු කරනු ලබයි.
(iii) ජූලි වර්ජකයන් සඳහා වූ ගෙවීම නැවැත්වීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, 2023 වසරේදී මේ වන විට ජූලි වර්ජකයන් 4දෙනෙකුට අදාළ දීමනා ගෙවීමට කටයුතු කර ඇත.
(ආ) (i) පැන නොනඟී.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-11-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks