01

E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3337/2023: Removal of sludge in the bottom of the tank in Paradise, Kuruwita

3337/2023

ගරු වාසුදේව නානායක්කාර මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රත්නපුර, කුරුවිට, “පැරඩයිස් වැව” පතුලේ රොන්මඩ සහ වැලි ඉවත් කරන බව හඟවමින් යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් අඩි 30ක් පමණ හාරා එහි පවතින මැණික් ඉල්ලම් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට පිරිසක් සැලසුම් කර ඇති බවත්;

(ii) ඒ හේතුවෙන් වැවේ ඝන රොන් මඩ ස්ථරයට හානි සිදු වී වැවේ ජලය සිඳී යාමේ තර්ජනයක් පවතින බවත්;

(iii) වැව ආශ්‍රිත ළිං 112ක් පමණ සිඳී යාමේ තර්ජනයක් හා “ලේක් සයිඩ්” ගම්වාසීන්ගේ නිවෙස් ඉරිතලා ගිලා බැසීමේ අවදානමක් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත ආකාරයට වැව හෑරීම සඳහා අදාළ වගකිව යුතු රාජ්‍ය ආයතනවලින් විධිමත් අවසරයක්  ලබා ගෙන තිබේද;

(ii) එසේ නම්, හෑරීම සඳහා අවසර ලබා දී ඇති ගැඹුර කොපමණද;‍

(iii) ඉහත (අ)(i)හි සඳහන් කාර්යය හේතුවෙන් සිදු වන පරිසර හානිය  සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks