01

E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3321/2023: Cadre positions in staff of State Universities

3321/2023

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ එක් එක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අනුමත අධ්‍යයන සේවක සංඛ්‍යාව සහ අනධ්‍යයන සේවක සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඉහත එක් එක් විශ්වවිද්‍යාලයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ ඛණ්ඩනය විවිධ කාණ්ඩ අනුව කවරේද;

(iii) එක් එක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අනුමත සේවක සංඛ්‍යාවේ දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iv) කොළඹ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් පීඨය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත එක් එක් රජයේ විශ්වවිද්‍යාලයේ —

(i) මේ වනවිට පශ්චාත් උපාධි සහ/ හෝ සප්ත වාර්ෂික නිවාඩු ලබා සිටින කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;

(ii) සේවය හැර ගොස් ඇති කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;

(iii) 2021 වසරේ සිට 2023 වසර දක්වා සේවයෙන් ඉල්ලා අස් වූ කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;

(iv) කොන්ත්‍රාත්, බාහිර සහ තාවකාලික යන පදනම් වල සේවයේ යෙදී සිටින අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේනම්, ඒ මන්ද ?

 

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks