01

E   |     |  

 දිනය: 2023-06-23   පිළිතුර ලබා දී ඇත 

3318/2023: Road accidents occurred in Indigahamula junction

3318/2023

ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ වර්තමානයේ බහුල වශයෙන් රිය අනතුරු සිදු වන බව පිළිගන්නේද;

             (ii)      කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ, ඉදිගහමුල හන්දිය අසල පසුගිය වසර පහ තුළ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව සහ එම අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වෑබඩ දෙස සිට කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයට පිවිසුම් මාර්ගයක් තිබෙන බවත්;

(ii) වෑබඩ මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයට පිවිසෙන වාහන මහනුවර හෝ කොළඹ දෙසට ගමන් කරන බවත්;

(iii) එම ස්ථානයේ ඇති පදිකමාරුවේ රිය අනතුරු විශාල සංඛ්‍යාවක්  සිදු වී ඇති බවත්;

(iv) එම පදිකමාරුව සහ පිවිසුම් මාර්ගය එකම ස්ථානයේ පිහිටා තිබීම එයට හේතු වී ඇති බවත්;

(v) වර්ෂ ගණනාවක සිට ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළද, මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) ඉහත සඳහන් ස්ථානයේ සිදු වන රිය අනතුරු වළක්වා, ජිවිත  හා දේපළ හානි අවම කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-06-23

අසන ලද්දේ

ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks