01

E   |     |  

 දිනය: 2023-06-23   පිළිතුර ලබා දී ඇත 

3317/2023: Breeds of cattle in Sri Lanka

3317/2023

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ සිටින ගවයන් වර්ග කවරේද;

             (ii)      එක් එක් ප්‍රදේශවලට ආවේනික ගවයන් සිටින්නේද;

            (iii)      ශ්‍රී ලංකාවේ සිටින කිරි ගවයන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම කිරි ගවයන්ගෙන් දෛනිකව ලබා ගන්නා කිරි ලීටර් සංඛ්‍යාව එක් එක් ගවයන් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) මේ වනවිට ගැබ්ගෙන ඇති කිරි ගවයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කිරිපිටි ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැය කරනු ලබන බව දන්නේද;

(ii) එසේ නම්, ශ්‍රී ලංකාවේ කිරි ගවයන් සහ කිරි ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-06-23

අසන ලද්දේ

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks