පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3276/2023
ගරු ලලිත් එල්ලාවල මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා මේ වනවිට සියලු ඉඩම් අත්පත් කර ගෙන ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම ඉඩම් හිමියන්ට වන්දි මුදල් ගෙවා අවසන් කර තිබේද;
(iii) ගෙවන ලද මුළු වන්දි මුදල කොපමණද;
(iv) මේ දක්වා වන්දි මුදල් ගෙවා නොමැති නම්, වන්දි මුදල් ගෙවනු ලබන දිනය කවරේද;
(v) අත්පත් කර ගත් ඉඩම් සඳහා වන්දි ගණනය කිරීමේදී, රජයේ තක්සේරු වටිනාකම, එම ඉඩම්වල වර්තමාන වෙළඳපොළ වටිනාකමට වඩා විශාල ලෙස අඩු වීමෙන් ඉඩම් හිමියන් දැඩි අසාධාරණයකට ලක් වන බැවින්, එම ඉඩම් වර්තමාන වෙළඳපොළ වටිනාකම අනුව නැවත තක්සේරු කරන්නේද;
(vi) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අදාළ ඉඩමෙන් කොටසක් පමණක් පවරා ගන්නා ලද අවස්ථාවල, ඉතිරි ඉඩම් කොටස සඳහා මායිම් සළකුණු කර ඉඩම් හිමියන්ට ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-08
අසන ලද්දේ
ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලුම ඉඩම් අත් කරගෙන නොමැත. රුවන්පුර අධිවේගී මාර්ගයේ අදියර I කහතුඩුව සිට ඉංගිරිය කිලෝමීටර 24.30කින් යුත් කොටසෙහි අත්කර ගැනීම් පහත පරිදි සිදුකර ඇත.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
38(අ) නිකුත් කළ කැබලි ගණන |
භුක්තිය භාරගත් කැබලි ගණන |
|
හොරණ |
1269 |
1269 |
|
ඉංගිරිය |
1081 |
1081 |
|
හෝමාගම |
560 |
188 |
|
එකතුව |
2910 |
2538 |
(ii) නැත.
(iii) රුපියල් මිලියන 1635.74
(iv) අංක අමප/23/0470/608/036 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති බැවින් සංවර්ධනයට යොදා නොගත් ඉඩම් අවසතු කිරීමට තීරණය කර ඇත. සංවර්ධනයට යොදාගත් වන්දි නොගෙවූ කැබලි 672ට හා වන්දි ගෙවූ කැබලිවලට ගෙවීමට ඉතිරි පොලී හා දීමනා මුදල් මෙම වසර සඳහා අය වැය මඟින් වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ මුදල් අමාත්‍යාංශයේ අක්මුදල් ලැබීම් අනුව ගෙවීම් කිරීමට අපේක්ෂිතය.
(v) නැත.
ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව ඉඩම් අත්කර ගැනීම හා වන්දි ගෙවීම් සිදු කරනු ලබයි.
(vi) අදාළ නොවේ.
(ආ) (i) අදාළ ඉඩමෙන් කොටසක් පමණක් පවරා ගන්නා විට අත්කරගනු ලබනුයේ අදාළ කොටස පමණකි. අත්කර ගනු ලබන ඉඩම් කොටස මායිම් සලකුණු කර පවරා ගන්නා බැවින් ඉඩමේ ඉතිරි කොටසෙහි අයිතිකරුගේ අයිතියට බලපෑමක් සිදු නොවේ.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks